පදික වේදිකාවේ වෙළඳාමේ යෙදෙන පියා හා පුතා රාත්‍රියෙහි මහපාරේම තැනක සෝදා පිටි ගුලියක් තලා රොටියක් සාදා අනුභව කරන සැටි පදික වේදිකාවේ රොටී සුවඳ නමින් ලියා ඇත. (මදුරාසි කොලුවා) ජීවිත කාලයට බස් පළේ පත්තර ලෑල්ලේ නිදාගන්නා ඉන් ඉහා ලෝකයක් නොදන්නා කොලුවෙක් බස් මගීන්ට සියලු ප්‍රාන්තවල ගමන් විස්‌තර දර්ශනීය ලෙස මවාපාමින් බස්‌වලට නග්ගවමින් එදාවේල සොයාගන්නා අන්දම එක් විත්ති කතාවකින් කියෑවෙයි. තමා මිල දී ගත් ලෝක සිතියම්වල කළු පැල්ලමක් ඇතැයි බස් වෙළෙන්දෙකු හා ගැටෙන පාරිභෝගිකයන්ට වෙළෙන්දා උත්තර දෙන සැටි නීල් අපේ කණට කොඳුරා කියනවා. '....ඕක ඔච්චර ගණන් ගන්ට දෙයක්‌ද? හෙට අනිද්දා වෙන කොට ලෝක සිතියමේ ඇත්තටම ලොකු කළු පැල්ලම් තියේවි. අයෙත් එහා මෙහා කරන්ට බැරි විදිහට·
Kerala Nalagana - කේරළ නළඟන
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Travel and Tourism - සංචාරක
- - Columns - තීරු ලිපි
- - Neil Wijeratne - නීල් විජේරත්න
- ISBN: 9789556523959
- Availability: Available
-
Rs. 430.00
- KBOOKS Cashback Rewards: 43