”මොකක්ද ඔයා ඇහුවෙ?”
ධන්වන්තරී ඇසුවේ බොරුවටය. වැඩිපුර කතා නොකරන තාරුන් කතා කරවීමට ඇයට උවමනා වී තිබිණ.
”මං ඇහුවෙ අපි කසාද බඳිමුද කියලා?”
”බඳිමු.”
තාරුන්ගේ වදන් සරදමකට හරවා ගත් ධන්වන්තරී පැවසුවාය. එවේලෙහි මිදුලේ වූ
සීනියා මල් පාත්තියේ පාට පාටින් මල් බොහෝ ගණනක් පිපී තිබිණ. වියළි සීනියා
මලක් කඩා ගත් තාරුන් එය අතේ පොඩි කර පාත්තිය පුරා විසුරවා හැරියේය.
”මොකක්ද ඒ කරේ?”
”අද දවස මතක් වෙන්න. මල් ඇට පාත්තියට දැම්මා. මේ ඇට පැළ වෙලා මල් පිපෙනදාට ඔයාට මාව මතක් වේවි.”
”මල් පිපුනක් නැතත් මට ඔයාව අමතක වෙන්නෙ නෑ තාරුන්.”
”හැමදේම හිතේ හංගගෙන හොරා වගේ ඉන්නවා.”
තාරුන් තම අතැඟිලි ඔහුගේ අතැඟිලි අතරට මැදි කර ගත් ආකාරයත්, සිත තුළ පිටාර
ගලන ස්නේහය තම දෙනෙත් තුළින් පිටතට පැමිණි ආකාරයත් ඇයට සිහිවිය.
”මෙන්න අඬනවා.”
තමා අසළට වඩාත් ළං වූ තාරුන් පැවසුවේය. ඔහුටම ආවේණික වූ විලවුන් සුවඳ වඩාත් තදින් දැනිණ.
”අඬන්න එපා. මම අම්මට කියන්නම්. අම්මා ඔයාට කැමතියි. අපි ඉක්මනින් බඳිමු.”
”ඇයි ඉක්මනක්?”
”මම ලබන පළවෙනිදා හමුදාවට යනවා.”
”හමුදාවට?”
Kiri Maduwal - කිරි මදුවැල්
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Priyanka Amarathunga - ප්රියංකා අමරතුංග
- ISBN: 9789553107855
- Availability: Out Of Stock
-
Rs. 475.00
- KBOOKS Cashback Rewards: 48