'මොල්ලිගොඩ ..''
මා දුටු රජතුමා පුළුල් සිනාවක් පෑවේය.
' දේවයන් වහන්ස..''
රජතුමා උස් හඬින් සිනාසුණේ අරමුණකින් තොරවය. සුරාවිතින් බිඳක් රස බැලූ ඔහු තලු මැරුවේය.
''ඔබ ඇහැලේපොල වලව්වට ගියා?''
'' එහෙමයි දේවයන්වහන්ස.''
'' එහෙනම් ඔබත් ඇයව දකින්න ඇති?''
'' ඔබ වහන්සේ පවසන්නේ ඇහැලේපොල කුමාරිහාමි පිළිබඳව නම් .. මම ඈ දුටුවා. ''
''ඈ අපූරු රුවැත්තියක්.?''
”අයියණ්ඩි... බිය නොවන්න අයියණ්ඩි... මැරෙන්ට මම බිය නෑ. මැරෙන හැටි මම පෙන්වන්නම්.”
මද්දුම බණ්ඩාර ඍජු කර ගත් ගතින් යුතුව ඉදිරියට පා නඟන අයුරු කෙමෙන් අඳුරු වන මගේ දෙනෙතට පෙනේ. මගේ ළය පුපුරා යන්නට ළංවන සෙයකි. වහා දිවගොස් ඔහු කැඳවාගෙන මගේ තුරුලේ සඟවාලන්නට මට සිතේ. එහෙත් මගේ අප‍්‍රාණික දෙපාවලට පියවරකුදු ඉදිරියට නැඟීමට නොහැකිය. බෙහෙවින් පැහැදිලිව තිබූ අහස කෙමෙන් අඳුරු වෙයි. උඩවත්ත කැලය දෙසින් අඳුරු වලාවන් කෙමෙන් කෙමෙන් තල්ලූ වී පැමිණ මුළු අහසම අත්පත් කර ගන්නට සැරසෙන සෙයකි. තවත් ස්වල්ප වේලාවක් අනෝරා වැස්සක් ඇද හැලෙනු නියතය.
මේ වැසි වැටෙන කාලයක් නොවේ. මේ පළ කරන්නේ දෙවියන්ගේ නිහඬ විරෝධයද?
මද්දුම බණ්ඩාර තමා අල්ලා ගන්නට තැත් කළ වධකයින් දෑත් ගසා දැමුවේය. කිසිවෙකුගේ බල කිරීමකින් තොරව ඉදිරියට පා නැඟූ ඔහු දංගෙඩිය මත හිස තබන අයුරු යන්තමින් මම දිටිමි. රතුම රතු පාට පසුබිම තද දම් පාටට හැරෙද්දී මගේ දෙපා අප‍්‍රාණිකව යනු මට දැනිණ. උණුසුම් දියරයක් මගේ මුහුණ මත පතිත වෙද්දී මා වියරු නොවැටුණා පමණි. එ් කුමක්දැයි මට හඳුනාගත නොහැකිද දෙවියනි! එ් සුවඳ මට හඳුනාගත නොහැකිද...? දෙවියනි....? එ් මගේ රුධිරයෙන් පෝෂණය කළ මගේ ආදරණීය පුතුගේ උණුසුම් රුධිරයෙහි සුවඳ නොවේද?
Kumarihami 2- කුමාරිහාමි 2
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග
- ISBN: 9789556715316
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kumarihami - කුමාරිහාමි
මට නොතේරුණා නෙමෙයි, ලොකු මැණිකේ පිටතින් නොපෙන්නුවට දොස්තර මහත්තයට ආදරෙන් උන්නේ.. ඒත් ඉතින් කොහොම කිය..
Rs. 1,190.00
Ma Obe Yasodhara - මා ඔබේ යසෝධරා
ඇය ‘අපේ යසෝදරා’ ය. සුවහසක් බෞද්ධ කාන්තාවන්ගේ මුදුන් මල්කඩ බඳු වූ ඇය කි‍්‍ර. පූ. 6 වැනි ශත වර්ෂයේදී..
Rs. 450.00
Thiththa Mal - තිත්ත මල්
ස්වස්තික ඇයි අවසරයක් නැතිව මගේ පින්තූර ඇන්දේ ?මම චිත්‍ර ශිල්පියෙක් . ඇහැට පේන සුන්දර දෙයක් අඳින්න මට..
Rs. 550.00
Kiri Maduwal - කිරි මදුවැල්
”මා දිහා පුදුම වෙලා වගේ බලා ඉන්නෙ... මං කියපු දේ ඇහුනෙ නැද්ද?” ”මොකක්ද ඔයා ඇහුවෙ?” ධන්වන්තරී ඇසුවේ බ..
Rs. 475.00
Swapna - ස්වප්න
කොසොල් රජතුමා දුටු සිහින දහය බුදුන් වහන්සේ විග්‍රහ කර ඇති ආකාරයත් එම සිහින පිලිබඳ විග්‍රහ සැබෑ වී ඇ..
Rs. 1,250.00
Matama Ahimi Mama - මටම අහිමි මම
”ආදරේ ඇවිත් හදවතේ දොරට තට්ටු කරන කොට ඔය කියන සීමාවන් මතක් වෙන්නෙ නෑ මිත‍්‍රයා. අන්ධයෙකුට මලක් දී..
Rs. 575.00
Tharuwakata Pem Kalemi 2 - තරුවකට පෙම් කළෙමි 2
කලකට පෙර ”රිවිර ඉරිදා සංග‍්‍රහය” පුවත්පතේ කොටස් වශයෙන් පළ වූ නවකතාවක දෙවන කොටස...
Rs. 450.00
Ekas Gahaniya - එකැස් ගැහැණිය
දෙමාපියන්ගේ යුග ජීවිතවල හැලහැප්පීම් දරුවන්ගේ ජීවිතවලට මොන තරම් බලපෑමක් සිදු කරන්නේද යන්න ‘එකැස් ගැහැ..
Rs. 475.00
Ihirunu Kiri - ඉහිරුණු කිරි
" කතා කරපන් පියුමිකා..... උඹ කාට හරි බය වුනාද....? ඔව් බය වුණා.... සමාජෙට බය වුණා.... වෙස් මුණු දාගෙ..
Rs. 490.00
Dhawala Kala - ධවල කාල
" කතා තේමාව ඉතා විවාදසම්පන්න ඉසව්වකට විහිදුවයි. එහි මුඛ්‍යාර්ථය මිනිසා සහ සතාගේ එක්ව වාසයයි.අවසාන එය..
Rs. 375.00
Matama Ahimi Mama 2 - මටම අහිමි මම 2
පි‍්‍රයංකා අමරතුංග මහත්මිය විසින් රචිත කොටස් තුනකින් යුතු ‘මට අහිමි මම’ කෘති පෙළේ දෙවැන්නයි. මෙය ම..
Rs. 970.00
Matama Ahimi Mama 3 - මටම අහිමි මම 3
පි‍්‍රයංකා අමරතුංග මහත්මිය විසින් රචිත කොටස් තුනකින් යුතු ‘මට අහිමි මම’ කෘති පෙළේ අවසන් කොටසයි. මෙ..
Rs. 950.00
Eliya Kanda - එළිය කන්ද
එළියකන්ද කඳු වැටියේ එක් රාති‍්‍රයක ඇති වූ හදිසි ගින්නක් ගම්මුන්ගේ ජීවිත වලට මොන තරම් දුරට බලපෑමක..
Rs. 600.00
Ithin Ayubowan - ඉතින් ආයුබෝවන්
''අනේ දෙවියනේ....''අහස දෙසට දෑත් දිගු කරමින් මම ආයාචනා කළෙමි.''මගේ අසරණ දරුවාට සත්‍යය වැටහේවා.කිසිදු..
Rs. 1,500.00