"ඉරණම්, අධිෂ්ඨාන සහ චරිත ලක්ෂණ මෙහි එකට
සම්බන්ධ වී තිබෙන හැටි ඔබට පෙනෙනවා ඇත. මං යන්නේ මා පමණක් පතන, මා පමණක්
බලාපොරොත්තුවෙන් සිටින තරුණියක් වෙතය. ඇය හැරුණු විට වෙනත් ගැහැනියක් මට
අවශ්‍ය නැත. මන්දයත්, ඇයට පින් සිදු වන්නට මම මා එක සරළ සත්‍යයක් අවබෝධ
කරගත් බැවිනි. තමන්ගේ දෑතින් හාස්කම් නමැති දේ පෙන්වීමේ දකෂතාවය තමයි එම
සරළ සත්‍යය. මිනිසෙකුට ශත පහක් අවශ්‍ය වූ විට, ඒ පහේ කාසිය දීම ලෙහෙසි
වැඩකි. එහෙත් කෙනෙකුගේ සිත හාස්කමක් දැකීමේ ගිනි සිළුවෙන් පිරී පවතින විට,
එම හාස්කම කිරීමට කෙනකුට ශක්තියක් තිබේ නම්, ඔහු එය කළ යුතුය.
" එවිට
ඔබේ සිත සහ අනික් පුද්ගලයාගේ සිත යන දෙකම අලුත් වේවි. සිරගෙදර ලොක්කා හිර
කරුවාව නිදහස් කරන විට, තමාගේ ලිපිකරුට කෝටිපතියෙක් බංගලාවක් තෑගි කරන විට,
ඔපෙරා ගායිකාවකට තමන්ගේ මුදල් හෙප්පුව තෑගී කරන විට, කිසි දවසක තරගයකින්
ජය නොගත් අසකුට අවස්ථාවක් ලබා දීම සඳහා තම අශ්වයාගේ පටි ඇද උගේ ගමන් වේගය
කිසියම් ජොකියෙකු අඩු කරන විට, එය ඉතා සුහද දෙයක් බවත්, ඉතා අපූරු හාස්කමක්
බවත් හැම දෙනාම පිළිගනු ඇති. කුඩා අල්ප හාස්කම් පවා තිබෙනවා. මඳ සිනාව,
ප්‍රීති වීම, සමාව දීම වගේ දේ ... නිසි කලට නිසි වචන පාවිච්චි කිරීම...
මෙවැනි ඩේ කිරීමට සමත් වීම යනු හැම දෙයක්ම කිරීමට සමත් වීමය.
"මට පෙර
මගේ සහ අසොල් ගේ ආරම්භයට පෙර හදවතේ ගැඹුරු පත්ලෙන් පැන නැගී, ආලය යනු
කුමක්දැයි දත් අපට, හැමදා ම රුවල් වල රතුවන් දීප්තියෙහි එම හාස්කම පවතිනු
ඇත. යාලුවා දැන් නුඹ මාව තේරුම් ගත්තා ද?"
Rathu Ruwal - රතු රුවල්
- Publisher: Kurulu Poth Prakashakayo - කුරුලු පොත් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Dedigama V Rodrigo - දැදිගම වී රුද්‍රිගු
- ISBN: 9789555913409
- Availability: Out Of Stock
-
Rs. 250.00
- KBOOKS Cashback Rewards: 25