• Kurunduwaththa - කුරුඳුවත්ත

"උඹ ගෑණීයෙක් ඇන්න ආවැයි ? ළඟදි.."

"එහෙමයි උන්නාන්සෙ"..යි මඳක් විලියෙන් සියාතු පිළිතුරු දුන්නේය.

"උඹල නීතියට අනුකූලව විවාහ වුනාද?.."

ඒ පැවසූ දෙය තේරුම් ගැනීමට නොහැකි වූ සියාතු එක එල්ලේ පාදිලි උන්නාන්සේ දෙස බලා සිටියේය.

"මම කිව්ව දේ තේරුණේ නැතිද?"..උඹට

"එහෙමයි උන්නාන්සේ."

"මම ඇහුවෙ උඹ ගෑණී ඇන්න ආවෙ කන්තෝරුවක පොතක ලියලද? කියලයි"

"පොතක ලියල නොවෙයි කැන්දන් ආවෙ,උන්නාන්සෙ!,ඒ ඇත්තො මට මනාප වුණා,ඉතින් මම ඒ ඇත්තොට කිව්ව මයේ පැල්කොටේට එන්න කියල. ඉතින් ඒ ඇත්තො දැන් ඇවිදිල්ල පෝය දෙහෙකටත් වැඩියි මයෙ හිතේ..."

"එහෙම උඹලැයෙ මනාපෙට ඉන්න හැකියෑ?"බතාවියෙ අපේ මහ ආණ්ඩුකාරතුමාගෙ නියෝගයක් තියෙනව අපේ කොටුවේ ආණ්ඩුකාර තුමා යටතේ තියෙන ඉඩකඩම් වල ඉන්න අය පල්ලියේ දෙවියන් වහන්සේ ඉදිරියේ දිවුරලා විවාහ වෙන්න ඕනි කියල. උඹල ඒ නියෝග ප්‍රකාරව බැඳල නැති හන්දා, උඹේ ඉඩ කඩම් ටික ආපසු බාර දෙන්න වෙනවා, ඒ වගේම උඹ පහුගිය කාලෙ වැඩ කරල කොළඹ කොටුවෙන් ගත්ත කාසි පනම් වලින් කොටසක් ආපහු කොටුවේ කන්තෝරුවට ගෙවන්නත් වෙනව."

There are no reviews for this product.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Kurunduwaththa - කුරුඳුවත්ත

  • Rs. 360.00

  • KBOOKS Cashback Rewards: 36

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Thiththa Kahata - තිත්ත කහට

Thiththa Kahata - තිත්ත කහට

''පොඩි එකා විතරක් නෙමෙයි.ඒ ඔක්කොම හෙට අනිද්දා වෙනකොට මැරෙනවා.මම අහල තියෙනවා වසූරිය හැදුන උන් ජීවත් ව..

Rs. 480.00