විශ්මිත වූ කතාවක් තිබේ, ඒ නම් ලක්ෂ්මන් විතානච්චි හා ඔහුගේ සාර්ථකත්වයේ දිවි මං සලකුණයි. ඒ සාර්ථකත්වය ධනය බලය හෝ යාන වාහන ව්‍යාපාර දැසිදස්සන් නොවේ. එය ඒ සියල්ලත් පස් කරමින් එන අධ්‍යාත්මික දියුණුවේ හා සරලකමේ කථා සාරයයි. ධෛර්යය හා නොපසුබසින ගුණයේ නොනවතින පරමාදර්ශයයි. ඒ කතාව ඔහුගෙන් ම මිස වෙන කෙනෙකුගෙන් දැනගෙන ලියා තබන්නට නොහැකි ය. ඒ කතාව පිළිබඳ කෙටි සටහනක් තබන්නට ද නොහැකිය. කෙටි සටහන් තැබීමට නොහැකි වන්නේ ඒ දීර්ඝ කතාව අසම්පූර්ණ වන නිසාවෙනි. එම නිසා මෙතැන් පටන් ලියවෙන්නේ ඔහුගේ කතාවේ අග මුල අතර සම්බන්ධයි. එය උත්සාහය ධෛර්යය හා නොනවතින බවේ කතාන්දරයයි. විටෙක එය දුක් කරදර ගහනය. විටෙක සුන්දර මෙන්ම විශ්මය දනවන සුළු කතාවක් වැන්න. එහෙත් මේ හැම දෙයක් යට ම ඔහුගේ දහදිය වෙහෙස මහන්සිය තිබුණේ ය. පරාජය කළ නොහැකි බවේ පාගා දැමිය නොහැකි බවේ ආත්ම ශක්තිය පිලිබඳ කතාව ගැබ්ව තිබුණේ ය.
එය ලියා තැබිය යුතු කතාවකි... එය කියවිය යුතු ම කතාවකි...
Lakshmana Warna - ලක්ෂ්මන් වර්ණ
- Publisher: Watermark
- Categories:
- - Miscellaneous - විවිධ
- - Indika Perera - ඉන්දික පෙරේරා
- - Biography - චරිතාපදාන
- ISBN: 9789553639028
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45