‘‘සිංහල රටේ බුදු සසුන පිහිටුවීම කාලය පැමිණ ඇතැයි තීරණය කළ සියලූ යක්ෂයෝ මන්ත‍්‍රගෙට රැුස්වී සමාගම පවත්වා අවන්ති රටට ¥තයින් යැවූහ. අවන්ති නුවර සෝන රජු සිය මාමණ්ඩිය වූ ධර්මාශෝක චක‍්‍රවර්ති රජුට මෙපුවත් දන්නා යැවූ කල්හි අශෝක චක‍්‍රවර්ති රජු වේසාලිපුත් මහින්ද තෙරුන් ප‍්‍රධාන ධර්ම ¥තයින් පිරිස සිංහල රටට පිටත් කළේය. මහාතිත්ථ වරාය රැුකි යක් සෙනවියෝ අප නෑදෑ වේසාලි පුත් මහින්ද තෙරුන් පැමිණියහයි ජයඝෝෂා නංවමින් තෙරුන් වහන්සේ පිළිගෙන බෙර දවුල් තම්මැට්ටම් ගසමින් නානා වස්ද`ඩු පිඹිමින් නානා වෙන වයමින් සාදු කාර දෙමින් තෙරුන් වහන්සේ මිහින්තලාවට කැඳවාගෙන ගියහ. මිහින්තලයේ ආරාමයට පැමිණි කාකවන් තිස්ස රජතුමා ¥ත පිරිස මුණ ගැසුණේය. මිහිඳු හිමියෝ තිස්ස රජතුමා ප‍්‍රමුඛ සියලූ පිරිසට කාක බසින් දහම් දෙසූහ. මෙපරිද්දෙන් යක්ෂයෝ ශාස්තෘන් වහන්සේ ඔවුන්ට ඉගැන්වූ ධර්මය සිංහල දීපයේ ධර්මය බවට පත් කළහ. යක්ෂයෝ සියලූ ආරාම දෙවොල් බෞද්ධ විහාර බවට පත්කරගෙන සිංහල ද්වීපය බුදුන්ගේ නමට කැපවූ රට බවට පත් කළෝය.”
Lanka Puwatha - ලංකා පුවත
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Religious - ආගමික
- - Miscellaneous - විවිධ
- - Narada Karunathilaka - නාරද කරුණාතිලක
- - Kolat Senanayaka - කොලට් සේනානායක
- ISBN: 9789553090645
- Availability: Out Of Stock
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15