Richard Bach විසින් රචිත Jonathan Livingston Seagull කෘතියේ සිංහල පරිවර්තනය.
ගුවන් යානා නියමුවෙකු විසින් ලියන ලද ගුවන් යානා නියමු චායාරූප ශිල්පියෙකු
විසින් චායාරූපයෙන් අලංකාර කරන ලද මේ අපූර්ව කතාව අති සුන්දර ගීතයක්
වැනිය.
මුහුදු ලිහිණින්ට ජීවිතය යනු හුදෙක්ම ආහාර ගැනීම හා නොමැරී
සිටීම යන කාරණාවලට පමණක් සීමා වූවකි. පියාසර කිරීම යනු තනිකරම ආහාර සෙවීමේ
උත්සාහයක් පමණකි. එසේ වුවද මුහුදු ලිහිණි ජොනතන් ලෙවිංග්ස්ටන් ගැටවරයාට
නම් පියාසර කිරීම යනු ජීවිතයම වේ.
පියාසැරිය තුළින් ජීවිතයේ
පරිපූර්ණත්වයත්, ශ්‍රේෂ්ටතම පරමාර්තයත් දිනාගන්නට හැකි වෙතැයි හෙතෙම වටහා
ගනියි. එහෙයින් දීර්ඝ කාලීන ලිහිණි සම්ප්‍රදායන්ට හා කුල ජ්‍යේෂටයන්ගේ අණ
පනත් වලට එරෙහිව යන ඔහු තමා අත්‍යන්තයෙන්ම, මුළු හදින්ම ආශා කරන දෙය
විශිෂ්ට ලෙස දිනා ගනියි.
රැහේ සම්මුති වලට අවනත නොවූ විට පවා අපේ
පරමාර්ථ උතුම් නම් ඒවා සම්පූර්ණ කරගෙන ජීවිතය ජය ගැනීමේ වැදගත්කම මේ අති
සුන්දර කතාවෙන් විදහා දැක්වෙයි.
Lihiniyakuge Prayamaya - ලිහිණියකුගේ ප්‍රයාමය
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Richard Bach - රිචඩ් බාක්
- - Rani Senarathna Rajapaksha - රාණි සේනාරත්න රාජපක්ෂ
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789551559908
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40