"
ලොලිටා, ආලෝකය මා දිවිසැරියෙහි, අග්නිය මා තුනටියෙහි, මගේ පාපය, මගේ
ආත්මය, ලොලීටා: දිව තුඩග ගීතිකාවෙහි සලා වැටෙන තුන් පියවර, යටි තල්ලෙන් උඩු
තල්ලට, තුන් වැනිව දසන් මත, ලො - ලී - ටා.
අඩි සතරකුත් අඟල්
දහයක් වූ ඕ, උදයෙහි එක් පා අඳනයකින් නැඟී සිටිනා විට ලෝ වූවාය, නිකංම ලෝ
වූවාය, ඕ ලෝලා වූවාය කෙටියෙන්. පාසලේ දී ඕ ඩොලී වූවාය, තිත් ඉරක් මත දී ඕ
ඩොලරස් වූවාය, නමුදු මා දෝතෙහි දී සැම විටෙකම ඕ ලොලීටා විය."
නබකෝ නම් රැසියානු ලේඛකයා ගේ ලොලිටා නවකතාවේ ප්‍රධාන චරිතය එනම් ලොලීටාගේ
පෙම්වතා වන හම්බට් හම්බට් යනු ගැටවර ලොලීටා ඉදිරියේ අසහනයට පත්වන වියපත්
අයෙකි. ලොලීටා ගේ නව යොවුන් ප්‍රේමය හමුවේ හම්බට් හම්බට්ට බාධාවක් වන චරිතය
නම් ක්විල්ට් ය. මේ ක්විල්ටි නිසා හම්බට් හම්බට් ගේ ජීවිතය සහ ආදරය බේරා
ගැනීමට ඔහුට ක්විල්ටිට එරෙහිව කරන්නට වන කැතවැඩ ප්‍රමාණය අතිමහත්ය.
ක්විල්ටි නිසා මහත් අසහනයට පත්වන හම්බට් හම්බට් සිය නව යොවුන් ප්‍රේමවන්තිය
වෙනුවෙන් ඕනෑම දෙයක් ක්විල්ටිට කරන්නට සූදානම්ය. ..
Lolita - ලෝලීටා
- Publisher: Ahasa Publishers - අහස ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - K K Saman Kumara - කේ කේ සමන් කුමාර
- - Vladimir Nabokov - ව්ලැදිමීර් නැබෝකොව්
- ISBN: 9789557861098
- Availability: Out Of Print
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70