මේ දෙ මහල්ලන්ට පුතෙක් ද දුවක් ද වූහ. දුව රූමත් තරුණියකි. ඇයගේ කෙස් වැටිය විදාලූ කල දණට වැටේ. ඇඟ තැඹිලි පාටය. උදයම මැද්දාට පසු නම් දත් සුදුය. හවස් වන විට ඒ රතට හැරෙයි. හොඳ උස මහතින් යුත් මේ තරුණිය දෙමවුපියනට මහත් ආඩම්බරයකි.
පුතා ගේ නම කිරිහාමිය. හේ උස්ය. මහත් ය. කදිම පෙනුමක් ඇත්තෙකි. ළමා කළ අකුරු කරන්නට යයි අසල පල්ලියකට යැවූ නමුත් ඔහු දන්නා අකුරක් නැත. ඔහුගේ නුවණ කොතරම් දැයි කියත හොත් අසල කවුරුත් ඔහුට "පණ්ඩිතයා" යයි කියති. කිසි දෙයක් ගැන කල්පනාවක් කිරීම ඔහුට නුවුවමනා බැවින්, මේ නම හොඳටම සුදුසු යයි මවුපියෝ කියත්.
ගම පුතාට තවත් නමෙක් වෙයි. එනම් "කිරිබත් හාමි" යනුයි. වෑදමක් වූ දා හෝ, මගුලක් වූදා හෝ බොහෝ දෙනා රැස්ව සිටිද්දීම, කිරි බත් ගොඩක් සොයා ගන්නට බැරි වන ලෙස හංගන ගුරුකම, කිරිහාමි දනී. එසේ කරන්නේ අනුනට ඉඩක් නොදීම පණ්ඩිත කම් දොඩමින්ය. "කිරි හාමි" යන්නට "බත්" යන ටික නිකම්ම එකතු වුණා නොවන බව මෙයින් පෙනේ.
නිදන්නට ගිය විට කිරි හාමි රෑ දහවල් වෙනසක් නොදනී. මේ කටයුතුය. මේ මොකට යුතුය යන්නත් කිරි හාමි කිසි විටෙකත් නොදකී. එබඳු යමක් අනෙකකු කීවද ඔහුට නො ඇසේ. ඔහුට හිතුනොත් සියල්ලම නොකට යුතුය. මේ නිසා කිරි හාමිට ඇති තවත් නම් බොහෝය.
කොපමණ නම් ඇති වුවත් කිරි හාමි ගේ හොඳ ගුණයෙක් වෙයි. එනම් නම්බු නමක් වුවත් අවනම්බු නමක් වුවත් එක ලෙස සැලකීමයි. මේ නිසා කිරි හාමි ගේ හිතට පීඩාවෙක් නැත. ඒ හෙයින් ලෙඩ දුක් ඔහු නොදන්නා දෙයකි.
ලෙඩක් දුකක් නැති හෙයින් කිරි හාමි කන බොන දෑ හොඳට ඇඟට අල්ලයි. ඉතින් ඇඟ මහත් වීම පුදුමයෙකැ? අනෙක් අයට කෙසේ කල දවස ගියත් කිරි හාමි සුවසේම ජීවත්වීම පුදුමයෙකැ?
Hath Pana - හත් පණ
- Publisher: M D Gunasena - එම් ඩි ගුණසේන
- Categories:
- - Children's - ළමා කෘති
- - සිංහල ළමා කෘති
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - Kumarathunga Munidasa - කුමාරතුංග මුනිදාස
- ISBN: 9789553055583
- Availability: Out Of Stock
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Hath Pana - හත් පණ
කිරි හාමිනේ සිදු වූ දෙය දනී. එහෙත් ඇත්ත එළි කරන්නට බිය වූවාය. යම් ලෙසකින් ඇත්ත දැන ගත හොත්, සියල්ලෝම..
Rs. 380.00
Heen Seraya - හීන් සැරය
'මගේ ගුරුතුමා ලඟට ගොස් මා හොඳ ගුරුකමක් අසා ගත්තාය.එයින් ලෙඩ හොඳ වෙනවාමයි.හැබැයි, ගුරුතුමාට ගුරු පඬුර..
Rs. 300.00
Magul Kema - මඟුල් කෑම
ඉක්බිති පතියා යෝජනාවක් කළේය.' නොවැටෙන ලෙස ගෙන යන්නට මම ගුරු කමක් කියමි. මම මගේ ප්‍රියාව මගේ කටින්ම ග..
Rs. 380.00
Mahadanamuththayi Golayo Roththayi - මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි
''ඇයි කොස් ඇට වෙළඳාම? අපට කොස් ඇට එකතු කරලා ඒවා සෙයිලමට යවලා මුදල් ගන්නත් පුළුවනි නේද? ඉඳිකටු පැන්චා..
Rs. 280.00
Alice Dutu Wismalanthaya - ඇලිස් දුටු විස්මලන්තය
ඇලිස් අනිත් ජනේලයට ගැසුවා.ජනේලයේ පියන ඇරුණා.ඉන් බොරළු කැට නිවාස තුළට වැටෙන්න පටන් ගත්තා.ඒ බොරළු කැට ..
Rs. 180.00
Alibaba Saha Horu Hathaliha - අලිබබා සහ හොරු හතළිහ
හොරා,බබා මුස්තාපාගේ දෙනෙත් වැසූ රෙදිකඩ ගලවා දැම්මා, කායිම්ගේ නිවසේ ප්‍රධාන දොරටුවේ හුනු කැබැල්ලකින් ..
Rs. 280.00
Rayigamayayi Gampalayayi - රයිගමයයි ගම්පලයයි
''එහෙනම් ඉතින් මාත් උදව්වක් කරන්නම්.බුලත් ගෝනියම ගන්න මට සල්ලි නෑ. මං බුලත් අතක් ගන්නම්'' මිනිසා ඉණ ..
Rs. 180.00
Nuwanakkara Wasilissa - නුවණක්කාර වසිලිස්සා
''බය වෙන්න එපා.ඔයා නිදාගන්න'' ගෙම්බිය සිනාසුණා.රාත්රියේදී ගෙම්බිය ගෙඹි හම ගලවා ලස්සන තරුණියක් වී පා..
Rs. 180.00