"ගරු කටයුතු මතිතුමාණෙනි ,
ඔබතුමාණන්ගේ ලියමන ලැබුණා. ජෝර්ජියානා නෝනා හාමුගේ දිනචරියාව මෙසේය: උදේ හතට පමණ නින්දෙන් නැගිට ශරීරකෘත්‍යය කර ඉවර වූ පසු වතුර බේසම ලඟට ගොස් බුරුසුවකින් දත් මැද තුන් සැරයක් පැමෝරා සෝප් ගා මූණ සෝදයි. මූණ සෝදා පිස දමන එක එක වරට පාවිච්චි නොකළ තුවායක් ඕනෑ කරයි . මෙසේ මූණ සේදූ හැටියේම කෑම කන මේසය ලඟට ගොස් උදේට පිළියෙළ කර තිබෙන ආහාර අනුභව කොට, අඳින කාමරයට ගොස් "නැවිකට්" සිගරට් එකක් පත්තු කර ගෙන , ඔළුව පීරන්ට පටන් ගනී. පැමෝරා සෝප්. පොමාද , කේස රංජන තෙල් ආදිය ගාමින් ඉංග්‍රීසි පැයක් පමණ ඔළුව පීරීමට කාලය ගත වේ.
Maha Viyawula - මහා වියවුල
- Publisher: M D Gunasena - එම් ඩි ගුණසේන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Piyadasa Sirisena - පියදාස සිරිසේන
- ISBN: 9789552102294
- Availability: Out Of Stock
-
Rs. 550.00
- KBOOKS Cashback Rewards: 55