ඇය ‘අපේ යසෝදරා’ ය. සුවහසක් බෞද්ධ කාන්තාවන්ගේ මුදුන් මල්කඩ බඳු වූ ඇය
කි‍්‍ර. පූ. 6 වැනි ශත වර්ෂයේදී දඹදිව විසූ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් අතර
ශ්‍රේෂ්ඨතම කාන්තා රත්නය ලෙසින් සැළකෙයි. මුළු මහත් කාන්තා ලෝකයේම මෙතෙක්
පහළ වූ ශ්‍රේෂ්ඨතම කාන්තාවද ඇයයි. රූප සම්පත්තියෙන්ද යසෝදරා කුමරියට සමාන
කළ හැකි සුරූපී කාන්තාවක් මෙතෙක් පහළ වී නොමැති බවද, පති භක්තිය,
පතිව‍්‍රතාව, පරිත්‍යාගය, ඉවසීම, නිර්භීතකම ආදී ගුණ ධර්ම අතින් ඇයට සමාන කළ
හැකි කාන්තාවක් මෙතෙක් ලොව ඉපදී නැතැයිද, ආත්ම භව සිය දහස් ගණනක සිට උපදින
සෑම ආත්ම භවයෙහිම තම ස්වාමි පුරුෂයාම ප‍්‍රාර්ථනා කළ බවද ප‍්‍රවාදගතව ඇත.
මෙවන් විශිෂ්ඨ කාන්තාවක් වූ යසෝදරා කුමරිය පිළිබඳ මෙම නවකතාවෙන් කියැවෙයි.
සිද්ධාර්ථ කුමරුන්ගේ සහ යසෝදරා කුමරියගේ සැබෑ ජීවන තොරතුරු පමණක් නොව බොහෝ
පොතපත පරිශීලනය කොට ශාක්‍ය දේශයේ සහ කෝලිය දේශයේ ජන ජීවිතය පිළිබඳව කර්තෘ
විසින් රැුස් කරගත් තොරතුරුද මෙම කෘතියට ඇතුළත් කර ඇත.
-------------------
”යසෝදරා... ඔබට පි‍්‍රය සෑම දෙයක්ම මට දැනෙනවා. ස්වයංවරය පැවැත්වූ දින
රාති‍්‍රයේ ඔබ රත් පියුම් නෙලමින් සිටින අයුරු මා සිහිනයෙන් දුටුවා...”
”සැබැවින්ම මා රත් පියුම්වලට පි‍්‍රයයි. මා පමණක් නොව මගේ මෑණියන්ද රත් පියුම්වලට පි‍්‍රය බව මගේ පියාණන් දිනක් පැවසුවා...”
”මා මව් කුස පිළිසිඳ ගත් දිනයේ මගේ මෑණියන් සුදු පියුමක් හොඬින් ගත් ඇත් පැටියෙක් ඇගේ කුස තුළට පිවිසි බැව් සිහිනෙන් දුටුවාලූ...”
”එ් බව අප මිත්තණිය මට පවසා තිබෙනවා...”
”එපමණද ඇය පැවසුවේ...?”
”ඇය ඔබ පිළිබඳව කළ වර්ණනාවන් පවසන්නට ගියහොත් මේ රාති‍්‍රය මදි වේවි හිමියනි...”
යසෝදරා කුමරිය බිම බලා ගත්තාය. ඇගේ මුහුණෙහි නැගි රත් පැහැයත්, පියුම්
පෙතිවල රත් පැහැයත් දෙකක් නොව, එකක් යයි එදෙස බලා සිටින සිද්ධාර්ථ කුමරුට
සිතිණ. ඔහු ඇය දෙස බලා සිටියේ අනුකම්පාවෙනි.
Ma Obe Yasodhara - මා ඔබේ යසෝධරා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Priyanka Amarathunga - ප්‍රියංකා අමරතුංග
- ISBN: 9789553102102
- Availability: Out Of Stock
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45