'මාගම් සෝලිය' නවකතාව මූලික වශයෙන් කේන්ද්‍රගත වන්නේ අපේ සිංහල ගම්මානවල කේන්ද්‍රස්ථානය වුණු පන්සල වටාය. නමුත් එය සම්ප‍්‍රදායික පන්සලක් නොවේ. නුවර යුගයේ බෙහෙවින් පරිහානියට ගිය මේ පන්සල්වල බොහෝ විට සිටියේ භික්ෂූන් වහන්සේලා වෙනුවට ගණින්නාසේලා යි. ඔවුහු පවුල් රක්‍ෂා කළහ. බිරින්දෑවරු, දරුවන් රැකබලා ගත්හ. ඉස්සර මෙවැනි පන්සල් නම් කළේ 'ගනේ වලව්ව' නැත්නම් 'ගනේ ගෙදර' වැනි නම් වලිනි. නවකතාව මැද භාගයේ පන්සලට එන ඇබිත්ත උන්නාන්සේ එවැනි චරිතයක් වුනත් මුල් භාගයේ පන්සලේ සිටින ලොකු හාමුදුරුවෝ එවැනි චරිතයක් නොවේ. උන්නාන්සේ විදර්ශනා වඩන ධ්‍යානලාභී උත්තමයෙකි. ඇතැම් විට මෙතුමන් සෝවාන් ඵලයට ලඟා වූ අයෙක් වන්නට පුළුවන. මෙසේ සෝවාන්
නැතිනම් සෝතාපණ්න පුද්ගලයෙක් අතින් වුවත් පව් (වැරදි) සිදු වීමට ඉඩකඩ
ඇතිවිය හැකියි. සංයුක්ත නිකායේ සරකාණි වග්ගයේ සරකාණි සූත‍්‍රයේ සඳහන් පරිදි
සරකාණි නම් බමුණා මධ්‍යසාරයට ඇබ්බැහි වූවෙකි. සෝවාන් වූ පසුවත් ඔහුට මේ
මත්ලෝලී බව අත්හැර ගත හැකි වන්නේ නැත. ඒ අනුව සෝතාපණ්න පුද්ගලයා පෘථග්ජන
ජීවිතයත් සමඟ කිට්ටු සබඳතාවයක් ඇති බව අපට පැහැදිලි වේ. ධ්‍යානලාභියෙක්
වුණත් මේ ලොකු හාමුදුරුවෝ ඉවකින් වගේ අනාගතය හඳුනා ගනී. උන්නාන්සේ තම
ශිෂ්‍ය නමක් වූ පල්ලේගම හාමුදුරුවන්ට ගමේ පන්සල අතහැර ජනඅරගලයට නායකත්වය
දෙන ඉහගම හාමුදුරුවන් මුණ ගැසීමට මල්වතු විහාරයට යන්නට අණ කරන්නේ එබැවිනි.
විදර්ශනා වඩන සෝතාපණ්න පුද්ගලයෙක් වුණත් සමාජය හා ජනතාව වෙනුවෙන් වූ තම
වගකීම ඉටු කරන්නේ ඒ අයුරිනි.
Magam Sooliya - මාගම් සෝලිය
- Publisher: Biso Publishers - බිසෝ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Mohan Raj Madawala - මොහාන් රාජ් මඩවල
- ISBN: 9789554690004
- Availability: Available
-
Rs. 1,650.00
- KBOOKS Cashback Rewards: 165
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Adaraneeya Victoria - ආදරණිය වික්ටෝරියා
1860 දශකයේ ලංකාවේ දුම්රිය ගමනාගමනයේ ආරම්භයත්, 1880 දශකයේ තේ වගාවේ හඳුන්වාදීමත්, එසේම 1873 වර්ෂයේ..
Rs. 1,600.00
Rajina - රැජිණ
ඈ බොල නාකිච්චියේ...මොන මළ ඉලව්වක් කරනවද මේ මහ රෑ නැගිටගෙන උඹ!' හැම දවසකම වගේ එක අතක පිරුනු මධු කුස..
Rs. 1,650.00
Dreams Unlimited - සිහින සිහින සහ සිහින
ඒක තමයි හුගක්ම භයානක! මිනිස්සුන්ට තමන් දැකපු හීන අමතක වෙනවා කියන්නේ, තමන් ජිවත් වෙනවා කියල තමන්ටම අ..
Rs. 850.00
Colombo - කලම්බො
අතීතයේ මේ රට ලංකා නම් වුවද, පෘතුගීසීන්ට සෙයිලාවෝ විය. ලන්දේසීන්ට සෙයිලාන් විය. ඉංග්‍රීසීන්ට සිලෝන් ව..
Rs. 1,650.00
Loveena
A blend of love, myth, magic. Loveena unveils the hidden secrets of the seaside tourist haven of Mou..
Rs. 850.00
Dear Victoria
Based on real incidents and characters, the novel is about a dysfunctional family and the rise and f..
Rs. 1,750.00
A Magician's Tale
A Magician's Tale is a collection of short stories about discovering the passage between the real an..
Rs. 450.00
I.D - අයි ඩී
" මට දැන් ඔයාව බලන්න ඕන, කියන විට ඒ ප්‍රේමවන්ත හදවත ඇතුළත ඇවිලෙන ගින්න කෙතරම් විනාසකාරීද යන්න ඔහු මේ..
Rs. 1,650.00
Bodilima - බෝදිලිමා
ඒක තමයි හුගක්ම භයානක! මිනිස්සුන්ට තමන් දැකපු හීන අමතක වෙනවා කියන්නේ, තමන් ජිවත් වෙනවා කියල තමන්ටම අ..
Rs. 800.00
Imelda - ඉමෙල්ඩා
මම ටික වේලාවක් නිශ්ශබ්දව සිටියේ තව දුරටත් කතා කිරීමට මාතෘකාවක් සොයන්නට ය. ඊට පසු ඇය උකුළේ සැතපෙන..
Rs. 600.00
Nil Katrol - නිල් කට්රොල්
මින් වසර එක දහස් පන්සියයකට පෙර කලෙක සිදුවූවා යැයි ඉතිහාසයේ සඳහන් පුවතක අප නො ඇසූ මානයක්. අප දන්න..
Rs. 1,650.00
Mandodari - මන්දෝදරී
ගෑනියෙක් ආසම පිරිමියෙක්ගේ පපුවට . මොකද පිරිමියෙක්ගේ ආදරය ගැන කියන්න පුළුවන් ඒ පපුවෙන් එන ගැස්මට කණ ත..
Rs. 1,650.00