"දැලි තෙල් රජස් සෝදා
මේ කය සිනා ගන්වා
මුහුණ කට පලඳා
රැයට එක් වෙමි දෙ අත් ඔසවා
අවතාර ශරීරය
නොතබා තැනක ඇද කුද
මුළු නළල මතු කර
රැඳෙමි මහ මඟ පිළිම විරු ලෙස
කොළඹ නම් තුන් වියත
මුළු රෑ මගේ පා යට
රකුසන් නටන බෙර හඬ
නොඇසෙයි ලොවට මට මිස
දෙතිසක් වෙතත් දත කට
උගුරක් ඇතත් හනු යට
නොබුදිමි සතුන් රෑ කල
හදවත තිබේ මා හට
දැඩි බැල්මෙන් ගෙවෙන
මේ දිගු රැයෙහි සක්මන
කෙළවර ඇරෙන අලුයම
හමු වේ අනෙක් සොර කය
නැවත දැලි තෙල් රජස්
තවරා නොහැර ඇස් ඉස්
ගනිමින් දෙවන සොර වෙස
දහවල නොගැන පව් පින්"
Mage Kolambata Handa Payayi - මගේ කොළඹට හඳ පායයි
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Eric Illayaparachchi - එරික් ඉලයප්ආරච්චි
- ISBN: 9789553054401
- Availability: Available
-
Rs. 300.00
- KBOOKS Cashback Rewards: 30