සිය මාමණ්ඩිය ගේ දියණිය කෙරේ බැඳි ප්‍රේමයෙන් ප්‍රතික්ෂේපිතව, දීර්ඝ වූ රුදුරු විප්‍රවාසයක එකලාව සැරූ තැවුල්බර ප්‍රේමවන්තයා, දොළොස් වසක් ඇවෑමෙන් ආපසු ඉස්තාන්බුල් කරා පැමිණෙයි. ඒ සිය මාමණ්ඩිය අතින් නිමැවෙමින් තිබූ රහසිගත පුස්තකයක කටයුතුවලට උදව් වනු පිණිස, ඔහු ගේ ම ආරාධනයෙනි.
මාමණ්ඩිය ගේ පුස්තකය නිමකැරෙන්නේ සුල්තාන් ගේ අනුදැනුමෙන්, එහෙත් රාජකීය සිත්තර ශිල්පායතනයට රහසිනි. එබැවින් එය රහසිගත පුස්තකයකි. එය යක්ෂයා ගේ පෙළැඹවීමෙන් කෙරෙන්නා වූ දේවාපහාසයකැයි දූසමාන ආරංචි පවා පැතිරේ. එහෙත් මේ අබිරහස් පුස්තකය තවම හරිහැටි දුටු කෙනකු ද නැත.
ශිල්පායතනයේ සිත්තරු අමතර රිදීකාසි කිහිපයක් උදෙසා මහ රෑ සොරුන් මෙන් මාමණ්ඩිය ගේ, එනම් පුස්තකයේ වගකීම දරන සිත්තර ඇදුරා ගේ, නිවස කරා පැමිණ පුස්තකයේ වැඩකරති. එහෙත් ඔවුන්ගෙන් ඇතැමෙක් ද භීතියෙන් සසැලී සිටිති. තමන් ඇත්තටම කරමින් ඉන්නේ දේවාපහාසයක්ද?
එහෙත් මේ පුස්තකයේ ද රන් ඔපදැමුම් කළ අලංකාරිකයා මරාදැමූ මිනීමරුවා ගැවසෙන්නේත් මේ සිත්තරුන් අතරෙහිම ය...
සිසිරයේ සීතලෙන් මිදුනු දින නවයකි. පරිච්ඡේද 59ක් පුරා දිවෙන දැවන්ත පඨිතයකි. හැම පරිච්ඡේදයක් ම යනු, වෙන වෙනත් කථකයන් ගේ ආත්ම භාෂණයකි. මරාදමනු ලැබ පාළු ළිඳක් පල්ලේ වැටී සිටිනා මළමිනියේ ආත්ම භාෂණයෙන් ඇරැඹෙන කතාව කියන්නට කථකයකු ලෙස මිනීමරුවා ද පැමිණෙයි. 'මා භාවිත කරන වදන්වලින් හැකිනම් මා අල්ලාගන්නැ'යි ඔහු පාඨකයාට අභියෝග කරයි. ඒ මිනීමරුවා ම තවත් වරෙක සිය සිත්තර නාමයෙන් පෙනීසිටිමින් විශාරද සිත්තරකු මෙන් පාඨකයා හමුවට පැමිණෙයි. කුප්‍රකට කෝපිහලකට සැඳෑකල අරක්ගන්නා කතන්දරකාරයෙකුගෙන් හඬ ලබන ගසක්, රන්කාසියක්, බල්ලෙක් මතු නොව සාතන් ද කතාන්තරය කීමට හවුල් වෙති. සිය හිස්මුදුණ මත හෙලන ලද මාරාන්තික ප්‍රහාරයකින් ලේ විලක් මැද මියයමින් සිටින සිත්තර ඇදුරා ද, එක ම එක අසිපත් පහරකින් කඳින් සිඳී මඩගොහොරුවක පතිත ඔළුගෙඩියක් ද පාඨකයා අමතා කතාකරති.
Mage Nama Rathu - මගේ නම රතු
- Publisher: Sama Publishers - සම ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Sanath Balasooriya - සනත් බාලසූරිය
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- - Orhan Pamuk - ඔර්හාන් පමුක්
- ISBN: 9789553853646
- Availability: Available
-
Rs. 1,200.00
- KBOOKS Cashback Rewards: 120
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Muhuda Yata Diwayina - මුහුද යට දිවයින
Isabel Allende විසින් රචිත Island Beneath the Sea කෘතියේ සිංහල පරිවර්තනය. වහලියක ලෙස විකුණා දමන..
Rs. 1,600.00
Rath Waralathi Liya - රත් වරලැති ලිය
මහ්මුට් බාසුන්නැහේද එම නාට්‍යයම නැරඹුවේය යන සිතිවිල්ල මට ඉවසාගත නුහුණු එකක් විය.මහ්මුට් බාසුන්නැහ..
Rs. 1,200.00
Eva Kiyu Apuru Katha - ඊවා කියූ අපූරු කතා
.මෙම කෘතිය, ඉසබෙල් අයියන්දේ විසින් රචිත The Stories of Eva Luna කෘතිය ඇසුරින් සිංහලයට නඟන ලද්දකි. ඇග..
Rs. 375.00
Piyero Saha Padre - පියෙරෝ සහ පාද්රේ
අතුල් පහර දුන් කවුළුව සිය පියන්පත තරකොට වසා පියවාගන්නේ නැතිව තවමත් අඩවන්කර තබාගෙන&nbs..
Rs. 450.00
Eva Kee Apuru Katha 2 - ඊවා කී අපූරු කතා 2
.මෙම කෘතිය, ඉසබෙල් අයියන්දේ විසින් රචිත The Stories of Eva Luna කෘතිය ඇසුරින් සිංහලයට නඟන ලද්දකි. ඇග..
Rs. 375.00
Namak Nathi Minisunge Susanaya - නමක් නැති මිනිසුන්ගේ සුසානය
ළූණු ගෙඩියක් වගේ පල්ලියේ කොන පෙනෙන ඒකටම වහං වුණු මුරුග ගති ඇති පොලිස් කූඩුවේ ලකුණකුදු දුරට නොපෙනෙන ග..
Rs. 490.00
Machapuchare Aware - මචපුචාරේ අවාරේ
ජීවිතයේ ඇත්තේ අපමණක් සැරිසැරුම් පමණය. සීමා මායිම් ඇතිව හෝ නැතිව ලෝක ගෝලය පුරා භෞතිකව සැරීමය . ..
Rs. 900.00
Rose Menawiyage Diyaniya - රෝස් මෙණෙවියගේ දියණිය
Isabel Allende විසින් රචිත Daughter of Fortune කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,600.00