මගේ ලෝකයෙන් පසු ලෝකය’’ ලියවෙන සන්දර්භය වනාහී ක්ෂිතිමය එකකි. ඒ, ලංකාවේ
සිංහල බෞද්ධ මහජනයා දෙමළ අනෙකා ගේ මරණය අබියස කිරිබත් කෑ යුගයක් පසු කිරීමේ
ක්ෂිතිය යි. අප දන්නා අහිංසක බුද්ධාගම යක්ෂයෙක් ලෙස විපරිණාමය වීම අපේ
පැත්තෙන් අධ්‍යයනය කළ යුතු යමක් විය. එම බෞද්ධ අහිංසක බව විසින් මීට පෙර
පවා විප්ලව දෙකක් පොළොවටම චප්ප කර දමා තිබුණ සන්දර්භයක් තුළ ඒ පීඩනයට ලක්
වුවන් තුළින් පවා මේ අධ්‍යයන වගකීම ඉටු වුවේ නැත. මෙවන් දෙයක් අමාරුවෙන්
කරද්දී පවා වමේ ම පාර්ශව වෙතින් අප වෙත ප්‍රක්ෂේපණය කළේ කුණුහරප වීම තවත්
දෛවෝපගත බුද්ධාගමේ ම සංවර්ධනයක් විය. අපේ ව්‍යායාමය පරිපුර්ණ යැයි
(පරිපුර්ණ බව අවසන් වන්නේ සමස්තතාවය තුලින් ය) අපි නොකියමු. කිසිවක්
නොතිබීම වෙනුවට පවතින දෙය රෝග ලක්ෂණයක් බව ද අපි දනිමු.
Mage Lokayen Pasu Lokaya - මගේ ලෝකයෙන් පසු ලෝකය
- Publisher: Graphicare Publishers - ග්‍රැෆිකෙයා ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Jayasiri Alawaththa - ජයසිරි අලවත්ත
- - Mahesh Hapugoda - මහේෂ් හපුගොඩ
- - Philosophy - දර්ශනවාදය
- - Books Published in 2018 - 2018 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553400031
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80