‘‘මහිලාවංශය’’ නවකතාව තුළ අපිට දැකගත හැකි වන්නේ ගැහැනියගේ පාර්ශ්වයීය ශරීර කොටස් වෙත අති සමීප වන එම වස්තු කෙරෙහි වූ ආශක්තභාවයෙන් ඒවා වර්ණනා කරන්නා වූ පසු නූතන සාහිත්‍යමය උත්සාහයකි. එසේත් නැතිනම් ස්ත්‍රී පැලඳුම් කෙරෙහි වන අර්චන අනුරාගයකින් කෙළවරක් නැතුව එය වෙත නැවත නැවතත් උමතුවෙන් මෙන් ප්‍රවිෂ්ට වීම ය. ඒසඳහා ඔහු පැරණි වර්ණනා සාහිත්‍යයේ ආභාෂය ලබාගනී; අධියථාර්ථවාදී සාහිත්‍යයේ රුකුල ද ලබාගනී. ඇයගේ පතුලක් නොමැති ආත්මය තුළට ඇද වැටෙනවා වෙනුවට සමන් ඇදවැටෙන්නේ ඇගේ ශරීරය තුළට ය; එහි අර්චන බව වෙතට ය. ඒ ඔස්සේ ඔහු සත්‍යය ලෙස ම ගැහැනියට සමීප වනවා සේ පෙනුණ ද රචකයා විශාල දුරක් ගැහැනිය නඩත්තු කරයි. ශරීරය ආවරණයක් (cover) ලෙස ගනිමින් සත්‍යය ලෙස ම ස්ත්‍රිය වෙත ඇදවැටීම වළක්වා ගනී.
Mahilawanshaya - මහිලාවංශය
- Publisher: Author Publication - කතෘ ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - K K Saman Kumara - කේ කේ සමන් කුමාර
- ISBN: 9789554034006
- Availability: Out Of Stock
-
Rs. 900.00
- KBOOKS Cashback Rewards: 90