දළදා වහන්සේ දැක වැඳ පුදා ගන්නට එදා පෝලිම් දෙකක් වූ බවත්, ඒවා ඇතැම් විට තරමක් දිගු වූ බවත්, ඇතැමුන්ට මතකය. ඇතැම් විට පෑ දෙක තුනකටත් වඩා පෝලිමේ ඉන්නට සිදු වී තිබුණි. එසේ වන්දනා පිණිස පේළි ගැසී උන් පිරිස අතර පහත රටින් පැමිණි එක් කාන්තාවක් මගේ නිමිත්තය. ඕ සුදු ඔසරියක් ඇඳ, මල් වට්ටියක් ද දෝතින් ගත් අටළොස් හැවිරිදි ගැබ්බර කතකි. මවක වීමේ අපේක්ෂාවෙන් සිටි ඇය කායික අපහසුතාවයෙන්ද සිටි බව නිසැකය. පෝලිමේ දෙපැයකට වඩා සිට ගෙන සිටියද ඇයට වැඳ පුදා ගැන්මේ ඉඩක් නොලැබිණ. පෝලිමට පිටතින් පැමිණි ඇතැම් නිලමක්කාරයෝද ඔවුන්ගේ පවුල් වල උදවියද ඇගේ අවස්ථාව තව තවත් පමා කරනු පෙනිණ. වෙහෙසත් පෝලිමේ සිදු වූ තෙරපීමත් නිසා ඕ ක්ලාන්තව වැටෙන්නට ගියා, අසල වූවන් විසින් වත්තම් කොට ගන්නා ලද්දීය
එදා එසේ දළදා වහන්සේ දකින්නට පමා වී සිහිසුන් ව ඇද වැටෙන්නට ගිය කාන්තාව මගේ අම්මාය. ඈ කුස හොත් බිළිඳා මා ය. මා උපන්නේ ඉන් සිවු මසකට පසුව ය
පාත ඉඳන් අපි ආවේ
නාමල් පූජා කරන්න
දළදා හාමුදුරුවනේ
පාත මාලයට වඩින්න .
Mal Ahura - මල් අහුර
- Publisher: Santhawa Publishers - සන්තව ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Rathna Sri Wijesingha - රත්න ශ්රි විජේසිංහ
- ISBN: 9789550980260
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40