මාරියම් කැටි නූල් පොටවල්වලට මැලියම් ගා ඒවා සිය බෝනික්කාගේ හිසේ අලවනු ලයිලා බලා සිටියි. තව අවුරුදු කිහිපයකින් ,මේ පුංචි දැරිය ජීවිතයේ සුළු අයිතීන් ඉල්ලන , අනික් අයට කිසිදාක බරක් නොවන , තමාටත් බලාපොරොත්තු කඩවීම්, සංතාපයන් , අනික් අයගේ සිනහවට ලක්වූ සිහින තිබූ බව කිසිදාක හෙළි නොකරන ගැහැනියක බවට පත්වනු ඇත. අවලාද නොකියා දුක විඳ දරාගන්නා , ගං පතුලක ඇති ගලක් බඳු ගැහැනියක්. ඈ නහවා ගලා යන ප්රචණ්ඩ ජලධාරාවෙන් ඇගේ සිරියාව තවත් හැඩ ගැසෙනවා මිස කැළැල් වන්නේ නැත. රෂීඩ්ටවත් , තලිබාන් කැරලිකරුවන්ටවත් සුණුවිසුණු කර දමන්නට නොහැකි ඇගේ හද ගැඹරේ ඇති කිසියම් බලවත් දෙයක් මේ දැරියගේ දෑස් තුළින් ලයිලාට දැනටමත් පෙනෙයි. හිරිගල් කුට්ටියක් බඳු දැඩි සහ අනම්‍ය දෙයක්. අවසානයේදී දවසක, ඇගේ විනාශය සහ ලයිලාගේ විමුක්තිය බවට පත් වනු ඇති දෙයක්.
Khaled Hosseini විසින් රචිත A Thousand Splendid Suns කෘතියේ සිංහල පරිවර්තනය.
Manaram Hiru Dahasak - මනරම් හිරු දහසක්
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Ganga Niroshinie Suduwalikanda - ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද
- - Khaled Hosseini
- ISBN: 9789556525274
- Availability: Available
-
Rs. 880.00
- KBOOKS Cashback Rewards: 88