හුදකලා ආජන්ටීනියානු පැම්පාව සහ පැරගුවේ හි වගුරුමය චාකෝ භූමිය මේ රසවත් චාරිකා සටහනට පසුබිම් වෙයි. එහිදී ජෙරීට දොඩම් ආමඩිල්ලන්, කූඹි කන්නන්, පෝරණු කුරුල්ලන්, කකුළුවන් කන රැකූනයන් හා බෙන බකමූණන් ආදී අතිශය විචිත‍්‍රවත් සත්වයින් රාශියක් පමණක් නොව එතරම්ම විචිත‍්‍රවත්, කුතුහලය දනවනසුලූ, මානව ප‍්‍රජාවේ සාමාජිකයින්ද හමුවීමට අවස්ථාව උදා වෙයි. නා නා ප‍්‍රකාර සත්වයින්, කුරුල්ලන් හා උරගයින්ගෙන් ආකීර්ණ වූ, චණ්ඩ සූර්ය රශ්මියෙන් දැවෙන, ජනශූන්‍ය එහෙත් අතිශය චිත්තාකර්ෂණීය දකුණු ඇමරිකානු චාකෝ භූමියේ ජෙරී සහ ඔහුගේ සගයින් සමග හාස්‍යය, කුතුහලය පමණක් නොව දැනුමෙන් ද පරිපූර්ණ වූ චාරිකාවක නිරතවීමට පාඨක ඔබට කෙරෙන සාදර ඇරයුමයි මේ.
Math Wu Wana Arana - මත් වූ වන අරණ
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gerald Durrell - ජෙරල්ඩ් ඩරල්
- - Thushari Jayawardhana - තුෂාරි ජයවර්ධන
- ISBN: 9789556970395
- Availability: Available
-
Rs. 1,250.00
- KBOOKS Cashback Rewards: 50