“ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ
අසමත් වූවා ය. පිරිමි දෙන්නා රෝසා ගේ සිරුර හිස් කොට අවසන් වන තෙක්,
නහරවැල්වලට බෙහෙත් එන්නත් කර, සිරුර නහවා ආමෝදි විනාකිරෙන් හා සැවැන්දරා
සාරයෙන් දෝවනය කර අවසන් වන තෙක්, ක්ලාරා ඇසි පිය නො හෙලා ඒ තැන රැඳී සිටියා
ය. මෘත ශරීර සංරක්ෂක පාප්ප තවරා, වක් වූ ගෝනි ඉදි කට්ටකින් මෘත දේහය මසා
අවසන් වන තෙක් ඈ එ තැන රැඳී සිටියා ය. අන්තිමේ දී දොස්තර කුළුවාස් පයිප්ප
බක්කියට ගොස් දෑත් සෝදා ගත්තේ ය. දෑසේ කඳුළු පිස දා ගත්තේ ය. අනිකා ලේ සෝදා
හැර බොකු එකතු කෙළේ ය. තවමත් ක්ලාරා එතැන ය. අනතුරු ව, අපරිමිත ශෝකයෙන්
දොස්තර කුළුවාස් සිය
කළ කබාය ඇඟලාගෙන එත තැනින් පිට විය. එ විට, මීට පෙර ක්ලාරා දැක නො
සිටි තරුණයා රෝසාගේ දෙ තොල සිඹින්නට විය. ගෙල සිඹින්නට විය. දෙ තන උරන්නට
විය. ඇගේ දෙ පා අතරේ මුහුණ හොවා රහසඟ සිඹින්නට විය. තව මත් ක්ලාරා ගේ දෑස් එ
තැන ය. අන්තිමේ දී තරුණයා මළ සිරුර මුහුදු හත්තකින් පිසලෑවේ ය.
එම්බ්‍රොයිඩරි කළ රෑ ගවුම ඇන්දෙව්වේ ය. හති දමමින් ඇගේ හිස පීරුවේ ය. ඉන්
පසු, දොස්තර කුළුවාස් සහ නානා විත් සුදෝ සුදු වස්ත්‍රෙයන් රෝසා සරසා, ඇගේ
සරණ මංගල්‍යය වෙනුවෙන් කළ ඔටුන්න ඇගේ හිස ලෘවේ ය. අනතුරු ව, රෝසා සිය
මනාලිය වී නම් තමා ගේ ගෙයි එළිපත්ත හරහා ඈ ඔසවාගෙන යන සෙනෙහසින් ම, තරුණයා
රෝසාව දෑතට ගත්තේ ය….” (මායාවාස, ගාමිනී වියන්ගොඩ, පි. 61, 62)
Mayawasa - මායාවාස
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Gamini Viyangoda - ගාමිණී වියන්ගොඩ
- - Isabel Allende - ඉසබෙල් අයියන්දේ
- ISBN: 9789553117694
- Availability: Out Of Stock
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75