දා සුනිල් ගෙදර යන විට පහළ පඩිය ළග කමතේ කොළ මඩවනු බලමින් අම්මා එහි සිටියා ය.
සුනිල් දුටු ඒ පඩි බැම්මෙන් නැගිට සුනිල්ගේ අත අල්ලා ගෙන පඩි පෙළ නැග ගියා ය.
“ඔන්න පුතාගේ ඇඳුම් අද ගෙනවා.”
සුනිල් නිශ්ශබ්ද වුයේ ය.
“මොකද උඹ කතා නො කරන්නේ? ඇඳුම් ගෙනාවට තරහ ද?”
“නෑ”
“එහෙනං?’
“අම්මා, ඇයි මට ඔය හැටි ඇඳුම් හම්බ වෙන්නේ?”
“ඉස්සර ජාතියේ උඹ රෙදි දන් දීලා තියෙනවා. ඒක නෙවැ.”
“කාට ද?”
“හාමුදුරුවන්ට, රෙදි නැති අයට”
“මේ ජාතියේ දන් දුන්නොත් මොකද වෙන්නේ?”
“අනික් ජාතියේ ඇඳුම් ලැබෙයි.”
“මේ ජාතියේ නුදුන්නොත්?”
“අනික් ජාතියේ එතකොට ලැබෙන එකක් නෑ.” කියමින් අම්මා ගෙට ගොඩ වූවා ය.
දෙදෙන ගොස් ඇඳුම් මිටිය ලිහා බැලූවෝ ය. සුනිල් ඒ මේ අත හරවමින් බැලූවේය.
“අම්මා.”
“මොකද පුතා?”
“මෙයින් එකක් මං දන් දෙන්නං?” කියමින් අලූත් ඇඳුම් කට්ටලයක් අතට ගත්තේ ය.
“කාට ද?”
“ඇඳුම් නැති ළමයකුට”
“ඔය බොරු නැතුව නිකං ඉන්ට. කෝ බලන්ට අඳින්න සූට් එකක්.”
සුනිල් සිතිවිල්ලේ ඇඳ ගත්තේය. ඇඳුම් හරි ගණනට මසා තිබිණි.
“අනේ, අම්මා. මේ හයෙන් එක සූට් එකක් මං දෙන්නං ළමයකුට?”
“කවුද ඔය ළමයා?”
“අම්මා අඳුනන්නේ නෑ. එයාට ඇඳුම් නෑ. බාග විට ඒ හින්දා තෑගි උත්සවයට එන එකකුත් නෑ.‘’
“අප්පච්චිගෙන් අහලා කැමති නං දීපන්”
“අනේ, අම්මා, මට අහන්ට බෑ. අම්මා අහල මට කියන්ට.”
“බත් කාපන්කෝ.”
සුනිල් කෑම කන ගමන නැවත නැවතත් අම්මාට තමාගේ ඉල්ලීම ගැන ඇවිටිලි කළේ ය.
“හා, හා, හා” අන්තිමේදී කන්දොස්කිරියාවෙන් බේරෙන්නට දෝ අම්මා කීවා ය.
“එහෙනං එකක් දෙන්නං?”
“හොඳයි කීවා නොවැ”
“අප්පච්චි බැන්නොත්?”
“එක මං බලා ගන්නං කීවා නෙවැ”
“හොඳ අම්මා, හොඳ අම්මා” කියමින් සුනිල් පුටුව උඩට නැග, ඉඳුල් අත ඉවතට කර,
වමතින් අම්මාගේ බෙල්ල බදාගෙන මුහුණ සිම්බෙය.
“ඔය, මගේ මූණෙත් එකක් ඉඳුල්!” කියමින් අම්මා බොරුවට ඔසරි පටින් මුහුණ පිස දා ගත්තා ය.
Amba Yahaluwo - අඹ යහළුවෝ
- Publisher: Minas Publishers - මිනැස් ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - Young Adult Fiction - යොවුන් නවකතා
- - T. B. Ilangarathna - ටී. බී. ඉලංගරත්න
- ISBN: 9789554682009
- Availability: Out Of Stock
-
Rs. 420.00
- KBOOKS Cashback Rewards: 42
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Kala Mal - කැලෑමල්
රුවන්වැලි සෑයේදී ත් මල් අහුරක් අම්මා තිස්ස අතට දුන්නා.'' පුතා මල් ගෙනත් නෑ වගේ.''''මං ගෙනා මල් ඉවරයි..
Rs. 270.00
Nodaruwo Saha Daruwo - නොදරුවෝ සහ දරුවෝ
දෙමාපියන්ගේ ආදරය සහ අනෙකුත් සියලු පහසුකම් මාධ්‍යයේ හැදුණු නමුත් කෙළිලොල් දිවියක් ප්‍රිය කළ චින්තා සහ..
Rs. 350.00
Delowa Sihina - දෙලොව සිහින
සුමනා සුමිතා හා රංජිත් කුඩා කාලයේදී සුමිතුරෝ වූහ. දිනක් මුහුදු වෙරළේ සෙල්ලම් කරමින් සිටියදී රන්ජිත් ..
Rs. 350.00
Sathapuma - සැතපුම
දිගු ගමනක අවසානයේදී ඉබේ ම ආපසු බලෙන එක ස්වාභාවිකයි. නිවැරදියි. සැතපුමේ සුදු අය්යා තම ජීවිත ගමනේ සන්ධ..
Rs. 260.00
Sada Pahara - සැඩපහර
හණමිටි අදහස් දරන එමෙන්ම උඩඟු පර්සි ඇතුගල බස්නායක නිලමේ - ඔහුගේ පුත් ස්වධීනව සිතන, දේශමාමක, නිරහංකා..
Rs. 300.00
Lasanda - ළසඳා
මේ කොහෙද? මේ මොකක්ද? මේ කවුද?මන් ලිහන්නං. හැබැයි කෑගහන්න බෑ.ලසඳා හිස සැලුවාය. මුකවාඩම ඉවත් විය...
Rs. 215.00
Asitha saha winitha - අසිත සහා විනීතා
මිතුරු වෙසින් පැමිණි තුන්වන්නකුගේ ක්‍රියාකලාපයෙන් අඳුරුවීමට ගිය ඔවුන්ගේ යුගදිවිය කල්පනාකාරීව, දක්ෂ ල..
Rs. 280.00
Nayana - නයනා
ගැමි සමාජය මෙන්ම නාගරික සමාජයත් දේශපාලකයන්ගේ දූෂිත ලෝකයත් නිරුපනය කෙරෙන ආදර්ශවත් නවකතාවක් ඉතා සරල සු..
Rs. 300.00
Yowun Wiman - යොවුන් විමන්
සමන්ගේ පිය නැගුනේ ආයෙත් ගාලු මුවදොර වෙරළටයි.මුහුද අද්දර බැංකුවකට වෙලා එළිවෙන තෙක් ඉන්ටද?...වනචරයෙක් ..
Rs. 220.00
Peraliya - පෙරළිය
පැරණි පුරුදු සමාජ ධර්ම හා විරාගත ආයතනත් උගුළුවා ලමින්, ගම්මානේ දිවි පෙවෙත පෙරළියකට පත් කරමින් හැම පැ..
Rs. 380.00
Piyadaraya - පියාදරය
අප්පච්චි කෝච්චියට අහුවෙලා මැරුණා කියලා අම්මා කියනකොට මම හරියට සන්තෝස වුණා . ඔය තරම් නපුරුකම් කරපු අප..
Rs. 250.00
Himi Gamanak Gosin - හිමි ගමනක් ගොසින්
අප්පච්චි කෝච්චියට අහුවෙලා මැරුණා කියලා අම්මා කියනකොට මම හරියට සන්තෝස වුණා . ඔය තරම් නපුරුකම් කරපු අප..
Rs. 300.00
Thilaka - තිලක
''හරි ලස්සනයි. දැන් ඉතින් දුවනකොට ලිස්සන්නේ නෑ නේද ?''''මෙන්න අනිත් සපත්තු ජෝඩුව.''තිලක ඒ දෙස ..
Rs. 375.00