මේ කෘතියේ අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගැනීම අරභයා මෙරට මැතිවරණ පරිපාලන යාන්ත්‍රණය විසින් ක්‍රියාවට නංවන භූමිකාව පරික්ෂා කිරීමයි.මෙහි දී මැතිවරණ විරෝධී ප්‍රචණ්ඩත්වයකට මුහුණ දී තිබෙන අවස්ථාවක සාධාරණ හා නිදහස් ඡන්ද විමසීමකින් පැවැත්වීම පිණිස මැතිවරණ පරිපාලන යාන්ත්‍රණය විසින් සාක්ෂාත් කරගැනිය යුතුව තිබෙන සහ ඊට අතිරේක වශයෙන් දේශපාලන ක්‍රමය තුළ සපුරාගත යුතුව තිබෙන කොන්දේසි හඳුනා ගැනීමද සිදු කෙරිණි.මේ අරභයා 1988 - 1989 කාලච්ඡේදය තුළ පවත්වන ලද පළාත් සභා ඡන්ද විමසීම,ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන ඡන්ද විමසීම් වලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සහ එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් ක්‍රියාවට නංවන ලද ප්‍රචණ්ඩත්වය මඟින් මැතිවරණ පරිපාලනයට සිදු වූ බලපෑම පිළිබඳව විශ්ලේෂණයක යෙදුණි.
Sri Lankawe Mathiwarana Paripalanaya Saha 1987 - 89 Mathiwarana Prachandathwaya - ශ්‍රී ලංකාවේ මැතිවරණ පරිපාලනය සහ 1987 - 89 මැතිවරණ ප්‍රචණ්ඩත්වය
- Publisher: Wijesooriya Grantha Kendraya - විජේසූරිය ග්රන්ථ කේන්ද්‍රය
- Categories:
- - Miscellaneous - විවිධ
- - Politics and Current Affairs - දේශපාලන සහ කාලීන
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- - Athula Vithanawasam - අතුල විතානවසම්
- ISBN: 9786245664245
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50