"මෙම චිත්‍රපටයේ
මිනීමරුම් දර්ශන දෙකක් ඇතුළත් වෙයි. එහි පළමුවැන්න ගැටවරයා විසින් ටැක්සි
රියැදුරාව මරා දැමීමයි. එම දසුන විනාඩි හතක පමණ කාලයක් තිස්සේ දිව යයි.
දෙවැන්න නීතිය විසින් ගැටවරයා මරා දැමීමයි. එය විනාඩි පහක ධාවන කාලයක් හිමි
කර ගනී. බිහිසුණු චිත්‍රපට
පිළිබඳව විශේෂඥ බවක් උසුලන ඇමරිකානුවෙකු මා සමග පවසා සිටියේ සිනමා
ඉතිහාසයේ දීර්ඝතම මිනීමැරුම් වාර්තාව ම’විසින් බිඳ දමා ඇති බවයි. 1939 දී
ඇමරිකානුවන් නිපදවූ චිත්‍රපටයකටය, එය මෙතෙක් හිමි වී තිබුණේ. මගේ චිත්‍රපටයේ එම මිනීමරුම් දර්ශනය පෙර කී දර්ශනයට වඩා තත්පර දහතුනක් හෝ දහසයක් දීර්ඝ බවයි, ඔහු පවසා සිටියේ.
බ්ලැන්කෙට්ටුවකින් ආවරණය කළ ටැක්සි රියදුරාගේ හිසෙන් ගලන ලේ වලින් බිඳු කීපයක් බ්ලැන්කෙට්ටුව යටින් සෙමෙන් මතුවීම රූගත කිරීමට සෑහෙන්න අපහසු විණ. මන්ද ඒ සඳහා දමා තිබූ බට නිසි ලෙස ක්‍රියාත්මක නොකළ බැවිණි. ටැක්සි රියදුරාගේ චරිතය නිරූපණය කළ නළුවාට, රූ ගත කළ කණ්ඩායම එතරම් ප්‍රිය කළේ නැත. ඒ නිසා දෝ ඔවුන් දිගින් දිගට ම මා පොළොඹවාලූයේ ඔහුව ඇත්තටම තල්ලූකර දමා, ඔහුගේ ඔලූව පැලූණු පසු ඇත්තට ම ගලන ලේ බිඳු බ්ලැන්කෙට්ටුව තුළින් මතුවෙද්දී ඒවා රූ ගත කිරීමටයි. නමුත් ඒවා හුදෙක් විහිලූ පමණක් විය. එතරම් දුරකට යාමට කිසිවෙකුට ඇවැසි නොවිණි.
මරණීය දණ්ඩනය ලබාදෙන දර්ශනය රූ ගත කිරීමට ද සෑහෙන්න අපහසු විණ. අපි එයට අවශ්‍ය පසුතලය චිත්‍රාගාරය තුළම සෑදුවෙමු. සියල්ල සූදානම් ව තිබිණ. දර්ශනයේ පෙරහුරුවක් කළ යුතු බව මම පැවසුවෙමි.
ඒ අනුව සියල්ලෝ එහි නිරත වූහ. නමුත් එහිදී මට දැකගත හැකි වූයේ මා ද ඇතුළුව, සැමගේම ආතතිය වැඩි වූ ස්වභාවයකි. දණහිස් වෙවුලන බවකි. ඇත්තෙන්ම එය දරාගත නොහැකි තරම් විය. මෙය සිදුවුණේ උදෑසන එකොළහට පමණය. එම තත්වය කෙතෙක් දරුණු වූවාද කියතොත්, රූ ගත කිරීම් පසුදිනට කල් දැමීමට සිදුවිණ. කෘතිම පසුතලයක වුවද, මරණීය දණ්ඩනය සිදු කෙරෙන දසුන එතරම්ම දරුණු ස්වභාවයක් ගත්තේය."
*****
බ්‍රිතාන්‍ය චිත්‍රපට ආයතනය | British Film Institute | මගින් නවීන යුගයේ විශිෂ්ට ම සිනමාකරුවන් අතර දෙවැනි ස්ථානයට නම් කළ පෝලන්ත සිනමා නිර්මාණවේදී ක්රිෂිෂ්ටොෆ් ක්රිස්ලොව්ස්කි පිළිබඳ සංගෘහිත සාර සංග්‍රහය.
සිනමා ප්‍රේමීන්ට නොකියවා ම බැරි පොතක්.

Vishishtaya Krishishtof - විශිෂ්ටය ක්රිෂිෂ්ටොෆ්
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Dileepa Jayakody - දිලීප ජයකොඩි
- - Cinema and Photography - සිනමාව සහ චායාරුපකරණය
- - Biography - චරිතාපදාන
- ISBN: 9789556779806
- Availability: Available
-
Rs. 700.00
- KBOOKS Cashback Rewards: 70