විවාහය සඳහා සුදුසුතම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම පහසු කාර්යයක් නොවේ. එ්
සඳහා මෙරට බොහෝ දෙනෙකු පොරොන්දම උපයෝගී කර ගනු ලැබේ. එහෙත් පොරොන්දම තුළින්
පුද්ගලයා සතු ගුණාගුණයන් හෝ යෝග්‍යතාව මැන බැලීමට නොහැකිය. එ් සම්බන්ධයෙන්
සමස්ත කේන්දරයේ ග්‍රහ තත්වය විමසා බැලිය යුතුය.
විසි පොරොන්දම ගැළැපී
විවාහ වූවන්ගේ එකී විවාහය ඉතා කෙටි කාලයක් ඇතුළත බිඳී යන්නේ පොරොන්දම
මගින් සියලූ කරුණු අනාවරණය නොවන හෙයිනි. එය වඩාත් පැහැදිලිව ඉදිරිපත්
කිරීමට මෙම කෘතිය තුළින් කතුවරයා සමත් වී ඇත. අනතුරුව එ් එ් පොරොන්දම සතුව
පවත්නා දුර්වලතා හා විවාහයට එහි ඇති වැදගත්කමක් නොමැති බව සනාථ කිරීමට
කතුවරයා විවිධාකාරයෙන් කරුණු ඉදිරිපත් කර ඇත.
විවාහයට පිවිසීමට පෙර
සුදුසුතම සහකරු හෝ සහකාරිය තෝරාගැනීම සඳහා උපයෝගී කරගත යුතු කරුණු රාශියක්
මෙම කෘතියට ඇතුළත් කර තිබීම මෙහි ඇති විශේෂත්වයකි. සාර්ථක යුග දිවියක් ගත
කිරීමට ඔබ අදහස් කරනු ලබන්නේ නම් මෙම කෘතිය විචාර බුද්ධියෙන් එක් වරක්වත්
කියවිය යුතුය.
Vivahayata Haras Wana Kendaraya Ha Porondama - විවාහයට හරස් වන කේන්දරය හා පොරොන්දම
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Miscellaneous - විවිධ
- - Astrology - ජ්‍යොතිෂ
- - Premadasa Kaluthanthiri - ප්‍රේමදාස කළුතන්තිරි
- ISBN: 9789553114785
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35