මුහුදට මුහුණ ලෑ සොහොනකි.
-----------------------------------------------
පැඟිරි මානා පත් සෙමෙන් පිරිමදින විට
දැනෙන මුදු ආදරය පෙර වගේමයි සොඳුර
වසන්තය කල් ඇතිව මුදාහල තුරු පතක්
සෙමෙන් සැතපෙයි නිබඳ සොයා උණුසුම් සිතක්
රළ නගන මහ සයුර සිහින් වැලි පෙරාගෙන
ගෙනැත් අතුරයි නිබඳ මට මතක සෙනෙහසින
රෑ පාළු සමයමට දොඩමළුය කළු අහස
තාරකා කතන්දර ඔබේ මිමිනුම් හඬය
මහ පොළොව යට නිහඬ නිවස්නේ මා පමණ
තනි කුටිය තුල ගෙවූ ජීවිතයෙ සැඳෑ කල
නොවේ වෙනසක් අරුම හුරුය ඔබ කියූ ලෙස
කෝපි බඳුනකි අඩුව සීනි මද පමණ හල
සීතලකි සයුරු පොරෝනය පොරවන නිතර
හිස රිදුම මතකයිද අවසාන උදෑසන
වැලපේද ? මා දියණි වැලහින්නක ලෙසින
ඔන්න මුදු පෙන ඇවිත් සිඹිනවා පටු නළල
ඔබ රළු ගැහැනියක සියළු දේ දරාගත්
ඒ ගැහැනුකම තමයි මේ මොහොතෙ මහ පොළොව
එක මලක් පීදුනද ඵලක් දරනුය කෙලෙස
පරව පෙති හැලී නිති පොහොර වී යනු මිසක
ඕංකාරය ප්රියය. හුරුය ගීයක් ලෙසින
වික්ටර් ගේ "ස" ප්රසංගේ මිහිරි ලෙස ගැයුන
රාත්රිය කළුවරය. ගැඹුරු මුහුදකි නිහඬ
රාමු දිරමින් ගියද පරමල් නොවෙද සුවඳ.
Muhudata Muhuna La Sohonaki - මුහුදට මුහුණ ලෑ සොහොනකි
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Kapila M Gamage - කපිල එම් ගමගේ
- - Books Published in 2019 - 2019 වසරේ ප්රකාශිත පොත්
- ISBN: 9789556778502
- Availability: Available
-
Rs. 275.00
- KBOOKS Cashback Rewards: 28