කොහොමහරි ශීත කාලේ එක උදැසනක මං පිගන් විදුරු බඩු විකුණන සාප්පුවකට
ගිහිල්ලා අයිතිකාරයගෙන් වතුර ටිකක් ඉල්ලුවා.මිනිහා මගේ ඔලුවේ ඉදන් කකුල්
දෙක ගාවට යනකම් බලලා - හරියට මං කෘමියෙක් වුණා වගේ - මෙහෙම ඇහුව්වා.
මුලින්ම මට උබ කවුද කියල හිටපන්..උබ ශියා මුස්ලිම් ද ?
න්‍යායාත්මකව මේ දෙකම එකයි.ඒ හින්දා එක ඇවිල්ලා මහා අමන ප්‍රශ්නයක්.මට
හොදටම කේන්ති ගියා.තමුන් එළුවෙකුට වඩා උස නැති ළමයෙක් හැටියට ඉන්න කාලෙ
වුනත් කෙනෙකුගේ ඉවසීමේ සීමාවක් තියනවා.
මුලින්ම මම ශීයා..මං මෙහම
කිව්වා..ඊළගට මම මුස්ලිම්..ඊටත් වඩා - මං මෙහෙමත් එකතු කලා..මුලින්ම මම
හසරාවෙක් ඊළගට ශියාවෙක්..ඊට පස්සේ මුස්ලිමෙක්..
මට බොහොම ලේසියෙන් මං
මුස්ලිම් කියලා ඒ කාරණාව අහවර කරන්න තිබුණ..එත් මම අරහෙම කිව්වේ මිනිහව
කේන්ති ගස්සන්නමයි..කොස්සක් ඇදල ගත්තු මිනිහා කිසිම තෙතක් මෙතක් නැතුව මහ
හයියෙන් මට මිටෙන් තඩි බාන්න පටන් ගත්තා..මිනිහා මගේ ඔලුවටයි පිටටයි
ගැහැව්වා..බාගෙට බාගයක් කේන්තියයි වේදනාවයි හන්දා කැගහගන මං සාප්පුවෙන්
එළියට දිව්වා..එතන උන්නු මිනිස්සු ඔහේ වට වෙලා බල උන්නා මිසක් කිසිම දෙයක්
කලේ නෑ..පාත්වෙලා ගලක් ඇහිද ගත්තු මං එකෙන් සාප්පුවට දමලා ගැහුවා..එක මොන
තරම් ඉලක්කෙටම වැදුණ පාරක් ද කිව්වොත් ඇමෙරිකන් කාරයෙක් එහෙම එක දැක්කා නම්
කෙලින්ම මාව බේස් බෝල් කණ්ඩායමකට බදවා ගන්නවා..මට ඔන වුනේ සාප්පුකාරයට
ගහන්න නෙමෙයි..පිගන් විදුරු තුන හතරක් බිදලා දාන්න විතරයි..ගල් පාරෙන්
බේරෙන්න මිනිහා කවුන්ට්‍රරය යට හැංගුන..ගල් පර වැදිලා මිනිහා පිටිපස්සේ
තිබුන ලී කැබිනෙට්ටුවේ දාල තිබුණ හැමදේම කුඩුපට්ටම් වුණා..මං එතනින් පැනල
ගියා..කිසිම දවසක ආයෙත් මං නෙවෙයි ඒ වීදියට ගියේ
Muhude Sitith Kimbulo - මුහුදේ සිටිත් කිඹුලෝ
- Publisher: Sanhinda Publishers - සංහිඳ ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - Chulananda Samaranayake - චුලානන්ද සමරනායක
- - Russian Translations - රුසියානු පරිවර්තන
- ISBN: 9789556812213
- Availability: Out Of Stock
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50