එම දේශනාව හමාර වන්නා හා ම නීති විශාරදයෙක් එතැනට පැමිණියේය. හෙතෙම මුනිවරයා අමතමින්:
‘නීතිය ගැන උගන්වනු මැනවැ’යි ආයාචනා කළේය.
එකල්හි එතුමෝ මෙසේ දේශනා කළෝය.
‘නුඹලා නීති පනවමින් සතුටු වන්නෝය; අනතුරුව ඒවා උල්ලංඝනය කරමින් වඩාත් සතුටු වන්නෝය. නුඹලා සාගර වෙරළේ කෙළිමින් වැලිමාළිගා තනා, සිනා නගමින් ඒ්වා සැණින් බිඳ දමන්නා වූ කුඩා දරුවන් හා සමාන වන්නෝය.
එහෙත් නුඹලා සාගර වෙරලේ වැලිමාළිගා තනද්දී සයුරු තොමෝ වෙරළ කරා තවතවත් වැලි ගෙන එන්නීය. නුඹලා විසින් සිය දෑතින් තැනූ එම මාළිගා වනසමින් සිනා නගද්දී, සයුරු තොමෝ නුඹලාගේ සිනාව හා සමග එක්වී සිනාසෙන්නීය.’
Muniwaraya - මුනිවරයා
- Publisher: Seri Prakashana - සේරි ප්රකාශන
- Categories:
- - Translations - පරිවර්තන
- - Miscellaneous - විවිධ
- - Philosophy - දර්ශනවාදය
- - Mandawala Panknawansa Himi - මණ්ඩාවල පඤාවංස හිමි
- ISBN: 9789551715601
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 35