කවියක වචන අතරෙහි
නිස්කලංකම තැන් ඇත
එක ම අකුරක්වත් නැති
නිදහස උතුර උතුරා ගලන
හුස්ම ගන්නට කැමතිද
එහෙම හිස්වුණු
අකුරු නැති පෙදෙසක
කවි ම කියවා
අඳුරු වුණු දෑසට
එළිය ඕනි ද ?
දෑසෙහි වෙහෙස නිවනට
කඳුළු ඕනි ද ?
තවම නොලියූ කවියක
අවකාශය මනින්නට
දෑස හිස් කරගන්නග
නවාතැන් පහසුකම්
එමටය
මේ මෙතැන
සදහට මග
නිදන්නට තිබෙන්නෙ
එක ඇඳකි
පුදන්නට හැකි ඔබට
පැදුරක් එළාගන්න
පොඩි ඉඩක් ඇති නේද
ඔය හදවතේ කොණකග
Nidi Nathi Nirmala Asaka Agissaka Kandulaka - නිදි නැති නිර්මල ඇසක අගිස්සක කඳුළක
- Publisher: Sama Publishers - සම ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Manjula Wediwardana - මංජුල වෙඩිවර්ධන
- ISBN: 9789554469471
- Availability: Out Of Stock
-
Rs. 225.00
- KBOOKS Cashback Rewards: 23