ජීවිත අවන්හලේ නොයෙකුත් දෙනා මුණ ගැසෙති. ඒ හැම දෙනා මිතුරෝ නොවෙති. දැන හඳුනන්නෝ ද
නොවෙති. ඇතැමෙක් මිතුරු වන්නේ මී විතට ම පමණි.”
‘මිදොරි’ එක අතකට ආදරයේ නාමයෙන් ‘දුක් ගන්නා තරුණයෙකුගේ ආදර වෘත්තාන්තයයි. අනෙක් අතට
එවන්ම වූ තරුණියකගේ චිත්ත දහරාවයි.
එපමණක්ද නොවේ. වරද කළෝ සහ වරදට පෙළඹවූවෝ මේ ආත්මයේදීම කළ කම් පල දී මියෙති. මේ හැම
මත්තෙන් ආදරයේ සෙවණැල්ලද වැටී තිබේ. ජීවිත, සැප-දුක්, කිත් පැසසුම්, ගර්හා අවමාන ආදියෙන්ද පිරී
ගත් නොසිතූ විරූ පෙළ ගැස්මකි. සියල්ල ආදරය නිසාය. ආදරය බලයෙන් පැහැර ගත නොහැකිය. ආදරය
සසර පුරා පවත්නා ආදර චින්තාවලියක්ද?
සරසවි ප්‍රකාශනයක් ලෙසින් එළිදැක්වුණු ප්‍රවීණ ලේඛක භද්‍රජි මහන්ද ජයතිලක ලියූ මිදොරි - කුතුහලයෙන්
පිරි අපූරු නවකතාවකි. එය විශ්ව ධර්මතාවය කියා දෙන පණිවිඩයකි.
මිදොරි ගැන තොරතුරක්...
“මෙම නවකතාවෙහි අත් පිටපතක් සාදා ගන්නට “කෝකෝ” ගේ මුද්‍රණාලයට ගිය මට, එහි සේවය කරන
උවාන් ගොන්සාලෙස් මුණගැසුණි. මෙහිදී උවාන් මට ‘මිදොරි’ ගැන අපූරු තොරතුරක් කීවේය.
‘1990 ඇරඹුණ ‘පර්සියන් යුද්ධයේ’ මම නාවික හමුදාවෙන් එහි යුද්ධ සේවයට ගියා. අපි ඉරාකයේ ඉන්නා
අතරේ, 1992 තමයි මට ‘මිදෝරි’ රස විඳින්න ලැබුණේ. ඒක ලස්සන කොළ පාට ‘ලිකුවර්’ එකක් - මෙලන්
ගෙඩිවලින් හදාපු. ඒකට අපි ‘සීමා-’ZIMAZ’ කියන පැහැදිලි බියර් එක එකතු කරලා බොනවා... අඩ අඳුරෙත්,
බියර් වීදුරුවෙ මිදොරි කොළ පාටට දිලිසෙනවා. එහේ ගැහැනු උදවිය ඒ කොළ පාටට හරිම ආසයි.’
Midori - මිදොරි
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Bhadraji Mahinda Jayatilaka - භද්‍රජි මහින්ද ජයතිලක
- - Books Published in 2021 - 2021 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789553121264
- Availability: Out Of Stock
-
Rs. 425.00
- KBOOKS Cashback Rewards: 43