• Sonduru Agnadayakaya - සොඳුරු ආඥාදායකයා

උඩු මහලේ සිට තරප්පු පෙළ දිගේ පහලට බසින් සිටි විජේබාහු, මැදක් බැස නැවතී ටයි පටිය පටිය ගැට ගසා තද කරගෙන, කමිස කොලර්  එකද හදා කමිස අත්වලට සාක්කුවෙන් ගත කෆ්ලින්ක්ස් පැළඳ ගත්තේය.


"රමෝ.." යි තාලයකට හඬ නැගු විජේබහු පළල් කොරිඩෝව දිගේ ගොස් පෑන්ට්‍රි කාමරයට එබුණේ, තම බිරිඳ දැක;


"මේ , මං ඔයාට කිව්වද මන්දා, අද නමයාමාරට මීටිමක් තියෙනවා"' යි කීය. ඔහු බිත්ති ඔරලෝසුවේ වෙලාව උදේ 8.25 බව දැක, කෑම කාමරයට ගොස් මේසයට වාඩි විය.


නෑ, ඔයා කිව්වේනං නෑ. ඒත් මං දැක්කා ඩයරියේ නෝට් එකක් දාලා තියෙනවා. හරි ඔක්කොම ලෑස්තියි" රමණී පිඟානක් ගෙන සැමියා ඉදිරියේන තැබුවේ, තමාටද එකක් ගනිමින්.


රමණී ලංවී අගේ සැමියාගේ අවුල් වූ කෙස් රොදක් හදයි.


"ම්ම්..ස්මාර් ට්, ම්, සුවඳයි" කියමින් හිනැහුණාය. මෙසේ හුරතල් කර කරනවාට ඔහු කැමතිය, ඇයත් කැමතිය.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්

Ape Kalaye Piya Satahan - අපේ කාලයේ පිය සටහන්

Ape Kalaye Piya Satahan - අපේ කාලයේ පිය සටහන්

වටපිට බලු නිශානිට තමා ඉන්නේ තනියෙන් බව තේරුනි. නැවත පුටුවේ වාදී වුනු ඇය ටිකට් පත දෙස බැලුවේ එහි ඉලක්..

Rs. 900.00