• Wihara Walawwa - විහාර වලව්ව

"අභිලාෂ්ට සිහිය ඇවිත්..එක්සිඩන්ට් එකෙන් පස්සේ සිද්ධ වෙච්ච කිසිදෙයක් එයාට මතක නෑ. එයා බෝවිටියා කියලා කෙනෙක්ව මීට පස්සේ අඳුරන්නේ නෑ හලෝ...."


චන්දුල් කියන්නේ ඇත්තය. ආපසු මතකය ආ අභී මාව අඳුරන්නේ නැත. ඕවිටේ ගෙදර දුප්පත් බෝවිටියාව ඔහුට මතක නැත. 


"තමුසෙව අභීගේ වයිෆ් විදියට තේරුවේ අම්ම. එයා මාරි කරලා කියලා දැනගත්තම එයා පුදුම වෙයි. ලන්ඩන්වල උපාධිය කරපු... ගෙදරත් ඉංග්‍රීසියෙන් කතා කරපු අභී තමුසේ වගේ කෙල්ලෙක්ව භාරගනී කියලා හිතනවද?...අභී හොස්පිට්ල් එකේ ඉඳලා මේ විහාර වලව්වට එන්න කලින් තමුසේ යන්න තැනක් හොයාගන්නවා...."


චන්දුල්ගේ වචන ඊතල වැනිය.. හිත තුවාල කරයි. මගේ දෙනෙතින් කඳුළු බේරිණ. මුළු ලොවම විශ්වාස නොකලත් අභීගේ දරුවා මගේ කුසේය. ඔහුට මහා හුඟක් ආදරය කරන හිතින් මා ඔහු දමා කොහේ යන්නද?

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Wihara Walawwa - විහාර වලව්ව

  • Rs. 1,200.00