පුතේ, මං අද පුතාට කියන්න කියල හිටියේ. තාත්තා නැතිවෙලා ලබන විසිඑක්වෙනිදට අවුරුදු විසිදෙකක් වෙනවා."
නැතිවෙලා අවුරුදු විසිදෙකක් නැතිවෙලා. අහස නැතිවෙලා අවුරුදු විසිදෙකක්. පොළව නැතිවෙලා අවුරුදු විසිදෙකක්. අහසයි පොළවයි නැති අවකාශෙ විහංගායි අම්මයි අවුරුදු විසිදෙකක් තිස්සෙ හුස්ම ගත්තා.
මිනිස්සු තමන් ළඟ තිබුණු දෙයක් හොයාගන්න බැරි කොහේහරි තැනක කියල අමතක වුනාම "නැතිවෙලා" කියල කියනවා. එහෙමත් නැත්නම් තමන්ගෙ දෙයක් කවුරු හරි කෙනෙක් හොරකම් කළාමත් මිනිස්සු කියන්නෙ "නැතිවෙලා" කියල. ඒ විතරක් නෙවෙයි, තමන්ගෙ හිතෛෂීයෙක් මැරුණමත් මරණය ගැන වචනයකින්වත් මතක් කරන්න කැමති නැති, ජීවිතයට අසීමිත ලෙස ආදරය කරන මිනිස්සු කියන්නෙ "නැතිවෙලා" කියලා..
Duwili Sela - දූවිලි සේල
- Publisher: Ahasa Publishers - අහස ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Wimal Katipearachchi - විමල් කැටිපෙආරච්චි
- - Books to read in Quarantine
- ISBN: 9789556810912
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50