නින්දා වලින් නොසැලෙන හිතක් වගේම අපිට ප්‍රශංසා වලින් උදම් නොවන හිතකුත් තියෙන්න ඕන පුතේ. නිරහංකාර සරල මිනිසෙක් කියන්නේ එහෙම කෙනෙකුට. අම්මා මේ උත්සහ කරන්නේ චූටි පුතෙක්ගේ චූටි දඟ වැඩ ටිකක් ගැන විතරක් ලියලා තියන්න නෙවෙයි. අම්මා මේවා ලියන්නේ මගේ චූටි පුතා දවසක ලොකු මිනිහෙක් වෙනවා කියලා දැනගෙන. හදවතින් බුද්ධියෙන් හා මිනිස්කම් වලිනුත් උසස් මිනිසෙක් කරවන්නයි මේ තරං දේවල් ලියන්නේ. අදට වඩා මේවා ඔයාට හෙට වැදගත් වෙයි පුතේ. ඒත් අද ඉඳලම හිතේ කොනක තැන්පත් කරල තියාගන්න ඔයා ලොකු මිනිහෙක් වුන දවසටත් අද වගේම ළඟින් අම්මා ඔයා ළඟ ඉන්නවා මගේ චූටි පැටියෝ.
Mamai Numbe Amma - මමයි නුඹේ අම්මා
- Publisher: Sayura Publishers - සයුර ප්රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ganga Shaini Gamage - ගංගා ෂයිනි ගමගේ
- ISBN: 9789554788077
- Availability: Out Of Stock
-
Rs. 320.00
- KBOOKS Cashback Rewards: 32