කතුවරයාගේ පළමු නවකතාව වූ ත්, අතිශයින් පාඨක ප‍්‍රසාදයට ලක් වූ ත්, බුද්ධියට ආමන්ත‍්‍රණය කරන ත‍්‍රාසජනක විද්‍යා ප‍්‍රබන්ධ කතාවක් වන ‘රාවණා මෙහෙයුම 1’ කෘතියේ දෙවැනි කොටසයි.
ඉතිහාසයේ, පුරාවෘත්තයේ, ජන ඇදහිලි විශ්වාසයන්හි රජයන, රාවණා වෘතාන්තය, අතිශයෙන් ගවේෂණශිලි හා නැවුම් රීතියකින්, කියවීමේ රුචිය උපරිමයට විඳිය හැකි නවකතාවක්.
-----------------
....බැලූ බැලූ අත කිසිම මනුස්සයෙකු, සිය කිමිදුම් සගයෙකු තියා මාළුවෙකුවත් පෙනෙන්නට නොමැති අඳුරු නීල වර්ණ සමුදුරු අගාධයේ තමන් තනි වූ බව පෙනෙන්නට තිබූයෙන් ඇය දැඩි සේ කම්පනයට පත් විය.
සන්නිවේදනය හරහා උදව් ඉල්ලා කෑ ගැසීමට ඇය හඬ නැඟුවද මුවින් හඬක් පිට වූයේ නැත. අත පය සීතල වනු ඇයට හැඟුණි. ගතම සෙලවිය නොහැකි සේ ගල් වී ඇත. ත‍්‍රාසයෙන් අසරණව, අන්ධකාර සමුදුරු අගාධයෙහි තනි වී කරකියා ගත හැකි දෙයක් නොමැතිව, ඉහළ සාගර තලය දෙස ඇය හිස් බැල්මක් යොමු කළාය....
ඇට්ලස් නෞකාව
වයඹදිග ලංකා මුහුදු කලාපය
මීට විනාඩි 5කට පෙර....
”මොනවද මෙතැන සිද්ධ වෙන්නෙ...?” ඇය වියරුවෙන් මෙන් විමසූ මුත් හේ උත්තර දුන්නේ නැත.
එකෙනෙහිම අඳුර අතරින් පින්ගේ පිටුපසින් මෑත් වූ තවත් මුහුණක් ඇය වෙත සිනාසුණේය.
චීන ජාතිකයන්ගේ මුහුණුවල හැඟීම් කියවීමේ විශේෂඥයා නොවුණද, එ් දිස් වූයේ නම් මිත‍්‍රශීලි සිනහවක් නොවන බව වැටහී ඇය ත‍්‍රාසයෙන් කිලිපොළා ගියාය.
ඇයට කිසිවිට පින්ගේ මුහුණේ හැඟීම හරියට කියවීමේ හැකියාවක් මෙතුවක් වේලා අද දවසේ නොලැබුණු මුත්, මෙවිට නම් ඔහුද ඈ මෙන්ම බියට පත්ව සිටි බව සහ ඇය මෙන්ම කලබල වූ බව පැහැදිලිව වැටහිණ.
මේ සියල්ලම පිටුපස සිටින ද්‍රෝහියා ඔහු යැයි ඇගේ යටි සිත කළ චෝදනාව ඇගේ මුවගට නොනැඟුණේ ද එ් නිසාය. ඔහු සිටියේද ඇය මෙන්ම අපහසුවකින් සහ මලානික බවකිනි.
පින් ද අන් සියල්ලන් මෙන්ම ප‍්‍රාණ ඇපකරුවකු බව හිරුණිට වැටහුණේ එවිටයි. සාහසිකයාගේ නිහඬ පිස්තෝලයේ සංඥ බසින් අවනත වූ හිරුණිද මෙහෙයවනු ලැබූ පරිදි, පින් අනුව යමින් ගබඩා කාමරය දෙසට ඇවිද ගියේ බලාපොරොත්තු සුන් වූ මනසකිනි.
තව මොහොක් ලැබුණා නම් ඇයට ජීවිතාරක්ෂක බෝට්ටුව තුළට රිංගා සැඟවීමට හැකිව තිබූ බව, ඇගේ සිතට වද දුන්නාය.
මෙතුවක් වේලා තමා වෙත තිබූ වාසනාව අවසාන වූ බව ඇයට අවබෝධ වූයේ, ඇගේ සෙමින් ගමන ඉක්මන් කරවීමට පිටුපසින් පිස්තෝලයෙන් පිටට අණිමින් චීන බසින් බැණවදින හඬ ඇසෙන්නට වීමත් සමඟය.

Rawana Meheyuma 2 - රවණා මෙහෙයුම 2
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sci-Fi - විද්‍යා ප්රබන්ධ
- - සිංහල විද්‍යා ප්රබන්ධ
- - Susitha Ruwan - සුසිත රුවන්
- ISBN: 9789556774795
- Availability: Available
-
Rs. 1,050.00
- KBOOKS Cashback Rewards: 49