• Surathi Mahoghaya - සුරති මහෝඝය

කාම උමතුවෙන් වියරු වැටුණු පතිනියක කාම තෘෂ්ණාවේ ආස්වාදයෙන් මන්මත් වී බෝධි සත්ත්වයෙකු වැනි සිය සැමියා ඉක්මවා යමින් වත්ත
පිටියේ වැඩට කැඳවා ගන්නා මිනී මරු පාපතර හරක් හොරකු මස් වැද්දෙකු වු රොමියෙල් තම සිරි යහනට ගෙන්වා ගන්නා සුවඳරා ඔහු නිසා ගැබ් ගනී. දෙවියෙකු සමග දිව්‍යාංගනාවක ලෙස දෙව් ලොවක වාසය කළ ඈ යමපල්ලෙකු සමග අපායට යන්නා සේ රොමියෙල් හා ඔහුගේ කටුමැටි ගැසු පැල්පතෙහි වාසයට ගොස් තම සුන්දර ජීවිතය සදාකාලික අසුන්දර ඛේදවාචකයක් කර ගනී. විවාහ වරෙන්තුකරුවෙකු වූ
රොමියෙල් පොලීසියට කොටු වී පොලිස් සිර මැදිරිය තුළ දී සිය දිවි නසා ගනී. කෑමට බීමට යමක් නොලැබ උණු කඳුළු බොන සුවඳරා තම
සැමියාගේ නිවසෙන් සොරා ගෙන ආ පීඩන ලාම්පුව පිපිරී පිළිස්සී මියයන්නේ සත්මස් ගැබිනියකව සිටියදීය. තිරශ්චින කාමපාශයේ බැඳි
තරුණ ජිවිතයක් විනාශයට පත් කර ගන්නා ආකාරය දකුණේ සුන්දර ගැමි බස් වහරින් ගෙත්තම් කර මෙම අනුවේදනීය ශෝකාන්තය රචනා
වී ඇත.

There are no reviews for this product.

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha