2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය අවසන් වටය සඳහා නිර්දේශිත පොතකි.
ප්‍රවීණ සම්මානනීය කෙටිකතාකරුවෙකු මෙන්ම නවකථාකරුවකු වන අනුරසිරි හෙට්ටිගේ
විසින් රචිත අලුත්ම නවකථාව "පණ්ඩක පුත්‍ර වස්තුව" එළි දක්වා ඇත. සමාජය තුල
අපගේ ඇසට නිතර මුණ ගැසෙන ප්රවාහයට පිටින් දිවෙන්නා වූ ප්රවාහයක
මිනිසුන්ගේ සිතුම් පැතුම්වල ඇති මානුෂීය ස්වභාවය පිළිබඳව විග්රහ කරන්නට
ගත් ඉතා දුරලභ උත්සාහයක් කැටි කොටගත් "පණ්ඩක පුත්‍ර වස්තුව" මෙතෙක් නවකථාවට
විෂය නොවූ මානව ප්‍රදේශයකට පාඨක ප්‍රජාව කැඳවාගෙන යෑමට කතුවරයා උත්සාහ
දරයි.
සමකාමය වරදක්ද??
සම්මත ලිංගික ආශාවන් වලට වෙනස් අවශ්‍යතාවයන් සහිතව උපදින මිනිසෙකුගේ ජීවිතය පාපයක්ද??
එවැන්නෙකු ජීවිතයට මුහුණ දීම කෙබඳු ද?? ආදරය, ප්‍රේමය එවැන්නන්ට අහිමි ද?
පණ්ඩක පුත්‍ර වස්තුව, නගරබද ජීවිතයක ට උරුමකම් දක්වන සම්මතයට වෙනස් සමකාමී තරුණයකු පිළිබඳ ලියැවුණ හද සසල කරවන කතා පුවතයි.
Pandaka Puthra Wasthuwa - පණ්ඩක පුත්‍ර වස්තුව
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Anurasiri Hettige - අනුරසිරි හෙට්ටිගේ
- - Fairway Literary Award Nominated Books 2017 - 2017 ෆෙයාවේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත පොත්
- ISBN: 9789550980505
- Availability: Out Of Print
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40