පාප දණ්ඩන - 2015 වසරේ ගොඩගේ ජාතික සම්මාන උළෙලේ වසරේ හොඳම නිර්මාණශීලී දායකත්වය වෙනුවෙන් සම්මානය දිනූ නවකතාව.
නවකතාවේ පසුබිම ලෙස තෝරාගෙන ඇත්තේ සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට
අයත් කුරුගඟ අසබඩ ගම්මානයකි.එක අතෙකින් මූකළාන සමඟ බැඳුණු දිය ඇල්ල ද,
අනෙක් අතින් මැණික් ගැරිල්ල හා කසිප්පු පෙරිල්ල ද පවතී. තේ හා රබර්
කර්මාන්තය සමඟ දැව ජාවාරමද පවතී. ඇඟලුම් කර්මාන්තය,ප්‍රාදේශීය
දේශපාලනය,දේශපාලනයේ ප්‍රචාරණය ආදිය ද කතාවට සම්බන්ධ කරගෙන ඇත. මේ සියවසේ
විකෘති වූ සබරගමුවේ කුඩා ගමක් කතුවරයා විසින් අප ඉදිරියෙහි චිත්‍රණය කරනු
ලැබේ. ගමේ විපරිණාමය පිළිබඳ සංකේත රැසක් මෙහිලා අපට හමු වේ.
Papa Dandana - පාප දණ්ඩන
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Nuwan Ishara Mahagamage - නුවන් ඉෂාර මහගමගේ.
- ISBN: 9789553065858
- Availability: Out Of Stock
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 40