වැසි දහර ගලා ගොස්
පෑදුණු අවර අහසෙහි
බඳුවද සේ මල්සේ සුරත්
සැන්දෑ වලා නරඹන
අවට වාතයෙහි හැසිරෙන
මුවරද බර සුළං විඳිමින
ගිරිගුහාවෙහි නො රැඳී
සඳ දියරින් මෙළෙක් වුණ
අසංඛ්‍ය සිහින් තත් බඳු
ජල තරඟ පෙළ බිඳී
නංවන සියුම් ධ්වනි
නිදාසේ අසමින වැඩ හිඳින
කිසි බණක් නොදෙසන
පිළිම හිමියනි ඔබැ පාමුල
මේ සුදු කරඹ මල පුදකරමි..
Paswanak Kavi Lakunu - පස්වණක් කවි ලකුණු
- Publisher: Fast Publishers - ෆාස්ට් ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Nandana Weerasinghe - නන්දන වීරසිංහ
- ISBN: 9789556771022
- Availability: Available
-
Rs. 500.00
- KBOOKS Cashback Rewards: 50