මේ කාලේ මං හිටියේ වෙනම ග්‍රහලෝකෙක.මගේ සරදම් වූත්, නිරර්ථක වූත් සඟරා ලිපි ලියමින් ,විගඩම් රූපවාහිනි වැඩ සටහන් කරමින් .අන්තිමේ අප හැමදෙනාම වසා වැටුණු භීෂණයේ බිජු අඳුරු ඡායාවන් අතරේ කෙමෙන් වැඩෙන ආකාරය ගැන කිසිම හැඟීමක් නැතිව. මේ ජාතික අර්බුදය අතරේ ,මගේ සඟරාවේ අධිපතිනිය, ඩීලියා මාව යැව්වා සැල්වදෝර් අයියන්දේ මුණ ගැහී එයාගෙන් අහන්න එයා නත්තල ගැන මොනවද හිතන්නෙ කියලා ලිපියක් ලියන්න .අපි දෙසැම්බර් සඟරාව හරි ගස්සන්නේ මාස කීපයකට කලින් .ඉතින් ජාතියේ වැදගත් පැහැර හැරිය නොහැකි කටයුතු රැසක නියැලිලා ඉන්න ජනාධිපතිවරයෙක් වෙත ඔක්තෝබර් මාසයේ ලං වීම අපහසු කාරණයක් .නමුත් වතාවක අයියෙන් දේ මගේ දෙමාපියන් ගෙ ගෙදර ආ වෙලාවක මං ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා මේ ගැන අහන්න ."මේ වගේ ගොම්බෙටි ප්‍රශ්න මගෙන් අහන්න එපා ඉසබෙල් "එයා නොපැකිල ගත් කටටම කිව්වා .එහෙම තමයි මගේ දේශපාලනමය වාර්තාවන් උපන් ගෙයිම මිය ගියේ. මං දිගින් දිගටම ගෙදර හදන පලාපල විස්තර ලිව්වා. අභ්‍යන්තර ගෘහ නිර්මාණ සැලස්ම ගැන, උද්‍යානය ගැන, ළමයි හදන වඩන එක ගැන ලිව්වා .අසාමාන්‍ය අද්භූත අමුතු විදිහේ සම්මුඛ සාකච්ඡාවන් කරලා ඒවා ලිව්වා. ආදරෙන් වේදනා විඳින අයට සහන සලසන ලිපි උපදෙස් පිටුව ලිව්වා .සංස්කෘතිය කලාව සහ දේශ සංචාරය ගැන ලිපි ලිව්වා .ඩීලියා මාව සැක කෙරුවා .මං ගෙදරින් පිටත යන්නේ නැතිව මගේ අදහස් මත අනෙක් අයගේ කටින් පිටවෙන විදියට දාලා,ගොතලා බොරු සාකච්ඡා ලිපි ලියනවා කියලා .මේ නිසා ඇය මට වැදගත් යැයි සැලකෙන කිසිම නියමය නියමයක් බාර දුන්නේ නැහැ .
Isabel Allende විසින් රචිත Paula ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය.
මට ගන්න තිබුණේ තීරණ දෙකයි. ඉසබෙල් මතකය අවදි කරමින් කියයි. '' එක්කො දිවි නසා ගන්න එක. එහෙම නැත්නම් මේ වේදනාවෙන් ගැලවෙන්න පොතක් ලියන එක. එහෙම නැත්නම් මේ වේදනාවෙන් ගැලවෙන්න පොතක් ලියන එක.
Paula - පෝලා
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Bhadraji Mahinda Jayatilaka - භද්‍රජි මහින්ද ජයතිලක
- - Isabel Allende - ඉසබෙල් අයියන්දේ
- ISBN: 9789558033723
- Availability: Out Of Stock
-
Rs. 800.00
- KBOOKS Cashback Rewards: 80
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Eva Luna - ඊවා ලුනා
1942 දී පේරු රටේ උපත ලද ඉසබෙල් අයියන්දේ 1973 වන තෙක්ම ජීවත් වුණේ විලී රටේ ය. ඇය නවකතාකාරියක වූයේ අහම..
Rs. 1,250.00
Muhuda Yata Diwayina - මුහුද යට දිවයින
Isabel Allende විසින් රචිත Island Beneath the Sea කෘතියේ සිංහල පරිවර්තනය. වහලියක ලෙස විකුණා දමන..
Rs. 1,600.00
Mayawasa - මායාවාස
“ලෑලි පෙට්ටිය උඩ ගල්ගැසී, අවසානය දක්වා ම ඒ දසුනින් දෑස් ඉවතට ගන්නා ඈ අසමත් වූවා ය. පිරිමි දෙන්නා ර..
Rs. 750.00
Eva Kiyu Apuru Katha - ඊවා කියූ අපූරු කතා
.මෙම කෘතිය, ඉසබෙල් අයියන්දේ විසින් රචිත The Stories of Eva Luna කෘතිය ඇසුරින් සිංහලයට නඟන ලද්දකි. ඇග..
Rs. 375.00
Eva Kee Apuru Katha 2 - ඊවා කී අපූරු කතා 2
.මෙම කෘතිය, ඉසබෙල් අයියන්දේ විසින් රචිත The Stories of Eva Luna කෘතිය ඇසුරින් සිංහලයට නඟන ලද්දකි. ඇග..
Rs. 375.00
Rose Menawiyage Diyaniya - රෝස් මෙණෙවියගේ දියණිය
Isabel Allende විසින් රචිත Daughter of Fortune කෘතියේ සිංහල පරිවර්තනය...
Rs. 1,600.00