ජර්මනියේ ගම්බද පෙදෙසක ජීවත් වෙන, ජීවිත කාලය පුරාවටම මිතුරන් වී සිටි දෙදෙනකුගේ ජීවිත දෙවෙනි ලෝක යුද්ධයත් සමග වෙනස් වන්න යන්නේය.
නිකොලස්ට ජීවයෙන් පිරුණු පුතාලා දෙදෙනෙක් සිටිති. අලෙක්ස්ට ඔහු දැඩිව ආදරය
කරන නව යොවුන් වියේ පසුවන දියණියක් සිටින්නීය. වැන්දඹු පුරුෂයෝ වෙන මේ
දෙදෙනාම තමන්ගේ දරුවන් තනිවම උස් මහත් කරමින් තෘප්තිමත් හා සාමාකාමී ජීවිත
ගත කරති. නිකොලස්ගේ පරම්පරාව පිළිබඳ බොහෝ කාලයකට ඉහතදී සඟවා දැමූ රහසක්
ඔහුගේ පවුලට තර්ජනයක් වෙන තුරුම සියල්ල එසේ සිදු වන්නේය.
දිවි ගලවා ගන්නට නම්
ඔවුන්ට ඇමෙරිකාවට පලා යන්න වන්නේය. නිකොලස්ට හා ඔහුගේ පුතුන්ට තමන් සමග
ගෙන යා හැකි එකම වස්තූන් වන්නේ නුමුහුන් අශ්වයන් අට දෙනෙකු පමණි. එයින්
දෙදෙනෙකු අලෙක්ස්ගෙන් තෑගි ලැබුණු ඉතාමත් වටිනා ලිපිසානර් අශ්වයන්ය. මේ
අනර්ඝ සතුන් ඔවුන්ට අලූත් ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ නිකොලස්ට
ප‍්‍රසිද්ධ රිංග්ලිංග් සහෝදරයන්ගේ සර්කසයේ රස්සාවක් ලබා දෙමිනි. එහිදී
නිකොලස් හා ඔහුගේ සුදු අශ්වයා, පෙගසස් ඔවුන් පවත්වන සංදර්ශනවල වැදගත්ම අංගය
බවට පත් වන්නේය. සුන්දර කම්බි මත ඇවිදින්නියක් ඔහුගේ සිත සොරා ගන්නීය.
නමුත් වසර ගණනාවක් පැවැත්වෙන යුද්ධය බොහෝ හානි සිදු කරද්දී නිකොලස්
ඔවුන්ගේ අලූත් ජීවිතයට හැඩ ගැසෙන්න දැඩි වෑයමක් දරන්නේය. මේ අතරතුර යුරෝපයේ
ඉන්නා අලෙක්ස් හා ඔහුගේ දියණිය දිනෙන් දින වැඩි වෙන අනතුරුදායක
තත්ත්වයන්වලට මුහුණ දෙති. අත්ලාන්තික් සාගරය දෙපසින් ඇති රටවල් දෙකටම බොහෝ
දුක සිතෙන සිදුවීම්වලට මුුහුණ දෙන්න සිදු වෙද්දී තමන්ගේ සතුට දෛවය විසින්
තීරණය කරන අවධියකට මුහුණ දෙන මේ පවුල් දෙකට කුමක් සිදු වන්නේද?
Pegasus - පෙගසස්
- Publisher: Ashirwada Publishers - ආශීර්වාද ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Danielle Steel
- - Koshali Sirichandra - කෝශලි සිරිචන්ද්‍ර
- - Books Published in 2019 - 2019 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9789556973044
- Availability: Out Of Stock
-
Rs. 790.00
- KBOOKS Cashback Rewards: 79
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Peras Muduwa - පේරැස් මුදුව
යුද්ධයෙන් හා වෛරයෙන් පිරුණු ජර්මනියේ විසූ බලවත් බැංකුකරුවන්ගේ සුන්දර බිරිඳ ජර්මානු ලේඛකයෙක් සමග ආදරය..
Rs. 650.00
Gabee - ගැබී
මෑන්හැටන්වල ඇති තමන්ගේ දෙමාපියන්ගේ සුඛෝපභෝගී නිවසේ දෙවෙනි මහළට යන තරප්පු පේළියේ ඉහළ සැඟවී, සත් හැව..
Rs. 750.00
Minikata - මිණිකැට
මිණිකැට වැදගත් සිදුවීම් වලින් පිරුණු දශක පහක කාලයක එක් පවුලක කතාවක් පාඨකයාට කියයි. ඔවුන් මුහුණ දෙන..
Rs. 850.00
Crystal - ක්‍රිස්ටල්
ඈත පිටිසර ගොවිපොළක උපන් ලාබාල වයසේ පසුවන අහිංසක සුරූපී තරුණියක වූ ක්‍රිස්ටල් වේට් ඇගේ සෙනෙහෙබර පිය..
Rs. 750.00
Wasantha Thilinaya Ayeth - වසන්ත තිළිණය ආයෙත්
සතුටින් හුන් පවුලක් දෙදරා ගියේ සාහසික ළමා මරණයකිනි. ආදරණීය විවාහයක් දෙදරා ගියේ ය. එ සියල්ල ආගන්තකයකු..
Rs. 450.00
Himi Ahimi - හිමි අහිමි
රූමත් ප‍්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අව..
Rs. 900.00
Ek Sonduru Gahaniyak - එක් සොඳුරු ගැහැනියක්
වරප්‍රසාද ලත්, සුඛෝපභෝගී පැලැන්තියේ පවුලක උපත ලත් ඇනබල් ..
Rs. 590.00
Ayubowan - ආයුබෝවන්
යුද්ධයත් සමග ජීවත් වුණු පවුලක ජීවන වෘත්තාන්තය දෙතැනක සිටින හනා සහ අට්කා නම් සොහොයුරියන් දෙදෙනා විසින..
Rs. 530.00
Kandulu Wassak - කඳුළු වැස්සක්
එහෙත් පින්තූරය නිකුත් වූ දිනයෙන් දින තුනකට පසුව පොලිසියට ටෙලිෆෝන් පණිවුඩයක් ලැබුණි. ඒ ඡායාරූප පර්යේෂ..
Rs. 650.00
Hudekalawe Kumariya - හුදෙකලාවේ කුමරිය
ඔන්ජෙලීක් ලේතම් තම පියා වන වෙස්ටර්ෆීල්ඩ්වල ආදිපාදතුමාගේ ආදරණීය රැකවරණය යටතේ බෙල්ගේ‍්‍රව් මාලිගාව..
Rs. 850.00
Uma - උමා
ඉන්දියානු සම්භවයක් ඇති රාජා ප්‍රොක්ටර් එක් අවස්ථාවකදී රාජකීය ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ලෙස ස..
Rs. 380.00
Gallenaka Donkaraya - ගල්ලෙනක දෝංකාරය
E M Forster විසින් රචිත Passage to India ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ඇයි ඔබ විවාහ වුණේ නැත්තේ? මම විවා..
Rs. 460.00
Nihada Adaraya - නිහඬ ආදරය
Graham Greene විසින් රචිත The Quiet American නමැති ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය ..
Rs. 420.00
Dayabara Emerald - දයාබර එමරල්ඩ්
ඉතා සූරූපී දහඅට හැවිරිදි එමරල්ඞ් රේගන් කාමාතුර මිනිසෙකුගෙන් බේරීමට ඇගේ නිවසෙන් පලා යයි. ඇය සෙන්ට්ල..
Rs. 750.00
Butterfield Mandiraya - බටර්ෆීල්ඩ් මන්දිරය
සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් - නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි..
Rs. 675.00
Situ DIyaniya - සිටු දියණිය
රූමත් ප‍්‍රංශ කාන්තාවක් හා දක්ෂ අමෙරිකානු නළුවෙක්, සුරංගනා කතාවක් මෙන් ආරම්භ වෙන ඔවුන්ගේ ආදර කතාව අව..
Rs. 750.00