“තමුසෙගෙ කාරණාව කොහොමද" මම ඇහැව්ව.
"මට ඕන දේ මම කෙරැව" - හැබැයි, මටත් ඒකි දුන්නා කම්මුල් පාරක් - ඒ උනාට මම ඒකත් අල්ලලා දුන්නා හොදවයින් දෙකක්. "
"ඊට පස්සෙ උන දේවල් මම දැක්ක"
"එයාට ඕනැ දඬුවම් ලැබුණ - දැන් තමුසෙ සතුටු වෙන්ඩ ඕනෑ" මම කිව්වා. මිනිහගෙ අදහස උනෙත් ඒකමයි.
"පොලිස්කාරය මට තැළුව එක ඇත්ත - ඒත් ඒකෙන් ගෑණිට ලැබුණු දඬුවම අඩු උනේ නෑ - මම පොලිස්කාරයෝ කවුද හැටියල හොඳට අඳුනනව - උන් එක්ක ගාන ගෙනියන හැටි මම දන්නව - තමුසෙ හිතුව ද පොලිස්කාරය මට කම්මුලට ගහපු ගමන්ම මම ඌට අරියි කියල."
" මම මොකවත් හිතුවෙ නෑ - කොහොමටත් මට පොලිස්කාරයො රැස්සන්නෙ නෑ."
" තමුසෙ එනවද මාත් එක්ක ටිකක් ඇවිදින්ඩ" ඔහු මගෙන් ඇහුව. මිනිහගෙ මූණෙ පේන්ඩ තිබුනෙ සතුටක් - මම නැගිටල ඔළුව පීරන්ඩ පටන් ගත්ත.
" තමුසෙට බැරිද සාක්කියට හිටින්ඩ"
" කෝකත් එකයි - හැබැයි මම දන්නෙ නෑ මොනවද කියන්ඩ ඕනෑ කියල "
" ඒකි මාව රැවැට්ටුව කිව්වම හොදටම ඇති. "
‘පිටස්තරයා’ යනු ප්රංස ජාතික පසුව ඇල්ජීරියානු ලේඛක නොබෙල් ත්‍යාගලාභී ඇල්බෙයා කැමූ (1913 - 1960) විසින් ප්රංස බසින් රචනා කරන ලදුව 1942 වසරේ මුද්‍රණයෙන් නිකුත් වූ L'patranger නම් කෙටි නවකතාවේ සිරිල් කොනෙලි විසින් කරන ලද The Outsider නමින් යුත් ඉංගිරිසි පරිවර්තනයේ සිංහල පෙළයි.
Pitastharaya - පිටස්තරයා
- Publisher: Godage Publishers - ගොඩගේ ප්‍රකාශකයෝ
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - Somarathna Balasuriya - සෝමරත්න බාලසූරිය
- - Albert Camu - ඇල්බෙයා කැමූ
- ISBN: 9789552018870
- Availability: Out Of Print
-
Rs. 750.00
- KBOOKS Cashback Rewards: 75