"වළ දිය රැඳි බේරේ වැව
ගලා නොයන අතරේ
තර දියකා පිළිම රැසක්
කිලිටු දියෙහි ලගිනේ
ලබන අමුතු බුහුමන් නැත
පෙර සිරිතම රකිනේ
හොරණෑ බෙර සීනු සමඟ
ලෝහ හඬට මතු වේ"
( නගරයක ප්රතිබිම්බය )
"පොදු වැසිකිළි පෙළ සෝබන
දොර සහ දොර අගුළු ඇතිව
ඇරී ඇරී වැසෙන පරිදි
පියගැට පෙළ අසල තැනිණ.
මුල්ම උපත මුල් මල්ගම
එකපිට එකපිට සිදුවිය
අලුත ලැබුනු දැලට උඩින්
වොලි බෝලය ඉහළ නැඟිණ"
(මහල් නිවාස )
"අඳුරු පුර පියසි මත
කදා මැටි ඔප දමා
දැලි රජස් තෙල් සමඟ
පාට විලුඹෙන් අනා
අඩ කවය විසල් කොට
තනනු මැන දේදුන්න"
(කොළඹ යක්කම )
Piththala Handiya - පිත්තල හන්දිය
- Publisher: Godage Publishers - ගොඩගේ ප්රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Eric Illayaparachchi - එරික් ඉලයප්ආරච්චි
- ISBN: 9789553034847
- Availability: Out Of Stock
-
Rs. 150.00
- KBOOKS Cashback Rewards: 15