ඔයා මොකද එදා මාත් එක්ක හිනැහුණේ?'
ඈ ඇසුවේ අතීත විත්තියකි. බස් පෝලිමකද කොහෙද මා පලමුවෙන් ඈව දුටු දින ඈත් එක්ක හිනැහෙන්න මට හිතුනේ කුමක් නිසාද යන ඒ ප්‍රශ්නයට කෙලින්ම මට දිය හැකි උත්තරයක් නොවීය. කුකුල් පැටියා පාරෙන් එහා පැත්තට ගියේ මොකද යන්නට මෙන් ඒකටත් දිය හැකි උත්තරයක් නැති බවත් උත්තරයක් තිබුනත් එහි වැදගත්කමක් නැති බවත් අපේ ප්‍රථම මුන ගැහීම සිද්ධ වී අවුරුද්දක් පමන ඉකුත්ව ඇති හෙයින් එදින වූ සුලුසුලු දේ යලි හිතට නගා ගන්න තරම් මට සැමරුම් සිහියක් නැති බවත් අවංකවම කීවෙමි. මට මතක මා හිනැහෙනකොට ඇයද එවිට හිනැහුනු බව පමනය. දෙවැනි දින ඈ මා දෙස යටැසින් බලාගන මට පේනමානයක උන්නාය. මගේ හදවත එක් පිම්මක් පැන්නේය. ඇගේ මුවෙහි පුලුල් හිනහවක් නැගෙත්ම ඉන් ධෛර්යයට පත් මම කෙලින්ම ඇය ලඟට ගොස් ඇසීමි:
'අපි යමුද කොහේ හරි?'
ඇය 'හ්ම්' කියන්නට හිස සලද්දි මම ටැක්සියකට අත වැනුවෙමි. අප යුනියන් පෙදෙසට හරවන විට ඇයම කතාව පටන් ගත්තාය: 'ඔයාගෙ නම මොකක්ද?' 'දයාතිස්ස මීගහකියුල. ඔයාගෙ?' 'රමනී.'
'ඔයාට මොකක්ද එදා මං ගැන හිතුනෙ - මාව ඉස්සෙල්ලම දැක්ක දවසෙ? මම කොහොම කෙනෙක් කියලද? ඇගෙ එක් අතක් මාලු ටැංකියෙ වතුරෙහි ඉරි අඳී.
මෙහි මුලට එන තනිකඩයා යන කෙටි කතාවෙහි තනිකඩයා යන වචනය අවිවාහක බව පිළිබඳ මෙන්ම තනිකම, පාලුව , අන්තරාවර්ති මනොවෘත්තීය පිළිබඳව හැඟීම ධ්වනිත කරවන්නකි.
Pituwahal Kara Sitiddi - පිටුවහල් කර සිටිද්දී
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Short Stories - කෙටිකතා
- - සිංහල කෙටිකතා
- - Ajith Thilakasena - අජිත් තිලකසේන
- ISBN: 9789553112088
- Availability: Out Of Print
-
Rs. 240.00
- KBOOKS Cashback Rewards: 24
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Sadaya - සාදය
"..ආදරේ අපිව පුංචි ලමයි වගේ කරනව, ලීලා. මම දැක්ක දවසක් චිත්‍රපටියක වයසක මහත්තයෙක්. එයා විශ්‍රාම ගත..
Rs. 200.00
Nawa Sinhala Nawa Akuru - නව සිංහලය නව අකුරු
"ගත් වහරත් කට වහරත් අතර ඇති පරතරය අඩු කිරීමට අජිත් තිලකසේන ගත් පුරෝගාමී පියවරකි."..
Rs. 250.00
Elabena Agosthuwa - එලඹෙන අගෝස්තුව
" අජිත් තිලකසේන නිමැවූ අලුත්ම කාව්‍ය සංග්‍රහයයි. පොතේ වර්ණ යෝජනය කතුවරයාගේ අභිමිත පරිදි සකසා තිබීම ව..
Rs. 175.00
Madiwahara Athpotha - මැදිවහර අත්පොත
"නව පරපුර අරමුණු කොට සම්පාදිත මේ පුස්තිකාව තුලින් කතුවරයා මැදිවහර හදුන්වා දෙයි."..
Rs. 200.00
Mona Tharam Awulakda - මොන තරම් අවුලක්ද
මම ආසයි කුණාටුවක් උඩ බුදියගන්ඩ ------------ ඔබේ ගත දවටන මද සුළඟත් මගේ නාස් කුහර පුබුදන එහි සුවඳත් --..
Rs. 225.00