ජීවිතයේ සංයෝග වියෝග ඇසුරේ වන ගතික ස්වභාවය, අකම්පිතව හා තත්ත්වාකාරයෙන් වීමංසනය කරමින්, ස්වකීය සමාජීය සහසම්බන්ධතා පාදක කොට ඉපැදුණ කාව්‍ය ඵලය, එකී සබඳතා කෙරෙහි වන විශේෂ බන්ධනගත භාවයකින් හා අරමුණුගතික ස්වභාවයකින් තොරව කවි බසින් පවසන අතර,
පොදු සමාජීය චලනයන් ග්‍රහණය කොට, ඒවායේ ජවවේගයෙන් අත්මිදුණු අකම්පිත, සංයමශීලි නිරීක්ෂාවක් පළ කිරීමෙන්ද,
වර්තමානයේ බහුල ලෙස ප්‍රචලිත, කටවහරේ නිසරු මුඛරි ස්වභාවයෙන් තොරව, සම්භාව්‍ය හා ව්‍යවහාර භාෂාවේ ශක්‍යතා කෙරෙන් ලද ශික්ෂණයක් පළකරමින් ද,
සමස්ථ වශයෙන් ගත් කල, ලෝකය හා ජීවිතය පිළිබඳ කුදු මහත් අත්විඳීම් පටු ආනුභූතික රාමුවක නො රඳවමින්, කාව්‍ය කතිකා හා සංරචන දෙපාර්ශ්වයෙන් ම යම්බඳු සාර්මථ්යයක් ප්‍රකට කරමින් ද පෙන්වන ලද විශේෂත්වය අවධානයට ගනිමින්
2024 විර්දශන සාහිත්‍ය ත්‍යාගය සඳහා ලද කාව්‍ය අත්පිටපත් අතුරින් වඩාත් ප්රශස්ත මට්ටමට එළැඹුණු කාව්‍ය කෘත්‍යය ලෙස,
උපුල් සේනාධිරිගේ කවියාගේ 'ඉඳු දුන්න නැමුණු තැන' කාව්‍ය නිර්මාණ සංග්‍රහයට 2024 විදර්ශන සාහිත්‍ය ත්‍යාග ජය මූර්තිකාව හිමි වන බව මෙ සේ ප්‍රකාශ කර සිටිමු.
(විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024 හී කාව්‍ය සඳහා හේතු පාඨය.)
Indudunna Nemunu Thena - ඉඳුදුන්න නැමුණු තැන
- Publisher: Vidarshana Publishers - විදර්ශන ප්‍රකාශකයෝ
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Books Published in 2024 - 2024 වසරේ ප්‍රකාශිත පොත්
- ISBN: 9786246625016
- Availability: Available
-
Rs. 550.00