මම ආසයි කුණාටුවක් උඩ බුදියගන්ඩ
------------
ඔබේ ගත දවටන මද සුළඟත්
මගේ නාස් කුහර පුබුදන එහි සුවඳත්
------------
කෙටියි ඔබගේ වචන
දිගුයි අප අතර නිහඬ
------------
දුම්රියෙන් මම බැහැගත්තේ
රාත්‍රියට පැනගන්න
------------
ඔබේ කාමරය සාර බිම්කඩක් වුණා
එහි යටි වගා මට පෑගුණා පයට
------------
ඇහේවිද ඔබට මගේ මන්ද්‍ර මිමිනුම රුදු බිමෙන් මේ
------------
ඔබේ මුහුණ දැන් හැරී ඇත්තේ කොහොටද
බිත්තියටද
------------
ඔබේ කට හඬ උදා හිරු රැස් වගේ තරුණයි
------------
තනිකම මිරිකාගෙන
ගස් මන්ඩියේ කාල්ගෑවා
------------
බැස යන ඉරේ අවසන් නිකාන්තිය
------------
මගේ හිත පල්වන වතුර කඩක් කලා ඔබ
දැන්
එහි
ගෙඹි ගෝලිච්චාවත් ඇහෙනවා ඇති ඔබට
------------
අහසේ වලක් හාරා වලල ලමු අපේ සිහින
------------
සෝබා සුන්දරා වෙන කොහෙද මෙහෙම ගැහැනු
------------
එක දෙක තුන ගැනවත්
යුද්ධයෙන් අපි දිනුවාද පරාදද
ඔය කිසිත් ගැනවත් නිච්චි නිනව් නෑ මට..
Mona Tharam Awulakda - මොන තරම් අවුලක්ද
- Publisher: Sarasavi Publishers - සරසවි ප්රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Ajith Thilakasena - අජිත් තිලකසේන
- ISBN: 9789553117014
- Availability: 2-3 Days
-
Rs. 225.00
- KBOOKS Cashback Rewards: 23