ගල් වඩුවා, ගල් වඩුවා ම ය.
........................................
අඩුමිටි කියත් ගත්
පාඩිගේ පෙලපතේ ගඩ්ඩා
ලොකු පොඩි කාගෙත්
ඕනැ අගු වහලෙකට නැග්ගා
ගානට නූලට
කපුටු පාදය වද්දා
අට්ට වහලයට නම් දරාපු
මතායස් වඩ්ඩා
අයිනෙ ම කපන වඩිම්බුව
පලංචිය වෙන්නෙ උණ බම්මුව
වරක්කල සීරුමට සරිවන
ලී තුන්ඩුවකි විට පිරුණු මුව අඩල
කැට යත්තකි ඒ ඇස් දෙක
ගිනියම් කමලකර
නොම කරත් වෙහෙසකර
යුහුසුළුව එහෙ දුවත් මෙහෙ දුවත්
ඇලිස් කටු, නියන්, පැංසල් වටකරන්
පියස්සට වන් කොබෙයියකි
හරින ඉදහිට ගිමන්
අඩු පඩි ලැබෙන
උඩ වැඩට
හැමදාමත් කැඹුරුවේ
'වහල්' වැඩට
ඇහුවාම ජීවිතේ සුන්දර ද ?
දැන වෙළෙදං
නොදැන ගොවිතැන්
නොකර බැරි වඩුකම්
" ජේසුගේ තාත්තත් වඩුවෙක්නේ"
මතායස් බාස් කිව්වා .
=================
දෙල් බෝධිය
24 වන කවිය
Del Bodhiya - දෙල් බෝධිය
- Publisher: Santhawa Publishers - සන්තව ප්‍රකාශන
- Categories:
- - Poetry - කවි
- - සිංහල කවි
- - Vajira Deepthi Weerakoon - වජිර දීප්ති වීරකෝන්
- ISBN: 9789550980659
- Availability: Out Of Stock
-
Rs. 600.00
- KBOOKS Cashback Rewards: 60
Readers Also Buy - මෙම පොතත් සමග මිලදී ගත් වෙනත් පොත්
Anichchanuga - අනිච්චානුග
"වජිර දීප්ති වීරකෝන්ගේ පළමු කවි එකතුවයි. කවියා විවිධ රීතියේ කාව්‍ය තේමා-ආකෘති පිලිබදව වඩාත් උත්සුක බ..
Rs. 180.00
Apuru Oncillawak - අපූරු ඔන්සිල්ලාවක්
හොරෙක් පැන ඇත ඊයේ රෑ ඇවිද ගේ වට ජනෙල් මෑත් කොට එබිකම් කර ඇත,අත පත ගා ඇත,යතු..
Rs. 500.00