"අයේෂා" වන මගේ ගිණුමට බැර වන බොහෝ පාපයන් මා විසින් සිදු කර තිබිණි. එ වකට ඒවා පරිපූර්ණත්වය පත් වැරදි ලෙසින් සලකනු ලැබුවත්, අද දවසේ නම් ඒවා අහම්බෙන් මෙන් මා අතින් සිදුවන තාලේ ඒවා ලෙස සැළකෙනු ඇත. අවේගී ශීලී හා පළිගන්නා සුලු මෙන් ම, බලයට ඇති ආශාව කෙරෙහි යොමු වුණු අන් කිසිදු කාන්තාවක් නොලබන රූප සෞන්දර්යයක් හා බුද්ධි මහිමයක් ලැබීම ගැන මම ආඩම්බර වුණෙමි. මගේ ආත්මභාවය තුළ පැවතියා වූ මාංශමය තත්ත්වය ඉක්මවන රහස්‍යභාවය, පොළවේ පවත්නා තේජසට ඔබ්බෙන් පවත්නා වෙනත් තේජසක් ලැබීමේ ආශාවකට යොමු කර ගත බවට ස්වර්ගයේ සිටින සියලු දෙවිවරුන් ගේ නාමයෙන් මම දිවුරුවෙමි. මාංශය විසින් මා වෙත පාපය ගෙනෙනු ලැබුවේ ය. මක් නිසා ද යත්, මාංශය තවත් මාංශයකට උපත ලබා දුන් බැවිනි. මාංශය වූ කලී පාපය උපදවන්නක් විය. මේ වන තෙක් මාගේ ආත්මය පාපයෙන් මුක්තව පැවතිනි. එය උපත ලද්දේ පාපයෙන් තොර ව ය. ඊට අයත් කාර්යයන් සපුරා ගනු සඳහා එහි ගොඩ ගැසී තිබුනේ ප්‍රඥාව හා අවසානයේ පුනරාගමනය කරන්නා වූ පූජනීය දිය උල්පත වේදනාවෙන් පවිත්‍ර කරන දෑ ය.
හෙන්රි රයිඩර් හැගාර්ඩ් විසින් රචනා කරන ලද Wisdom's Daughter නම් විශිෂ්ට සාහිත්‍ය කෘතියෙහි සිංහල පරිවර්තනය.
Prakgnawe Diyaniya Ayesha - ප්‍රඥාවේ දියණිය අයේශා
- Publisher: Dayawansa Jayakody & Company - දයාවංශ ජයකොඩි සහ සමාගම
- Categories:
- - Translations - පරිවර්තන
- - පරිවර්තන නවකතා
- - S Chandrasiri Dasanayaka - එස් චන්ද්‍රසිරි දසනායක
- - H.Rider Haggard - එච්.රයිඩර් හැගාර්ඩ්
- ISBN: 9789556860015
- Availability: Available
-
Rs. 450.00
- KBOOKS Cashback Rewards: 45