සමහර මිත්‍ර සබඳතා පටන් ගත්තයි කියලා හිතුවට කවදාවත් පටන් ගන්නේ නෑ. සමහර ඒවා තියෙනවා කියලා හිතුවට නැතිවෙලා හුඟක් කල්. මං හිතන්නේ ලුයිස්ගෙයි මගෙයි මිත්‍රත්වය පටන් ගත්තේ ඒ මොහොතේ දි යි. අපේ ගෙවල් දොරවල් කොහෙ ද, වාසගම් මොනවද, වයස කීය ද, රස්සාව මොකද්ද, කසාඳ බැඳල ද, ළමයි ඉන්නව ද වගේ කිසිම දෙයක් නොදැන අපි යාලුවෝ වුණා. අපි කාලා බීලා විනාඩි දහයක් විතර ඇස් පියාගෙන දිගාවෙලා හිටියා..
"මේ ගමන එනවද නැද්ද කියලා රීයේ වෙනකල් තීරණය කරලා තිබුණේ නෑ. එතනදී එක පාරටම හිතුණා ආපහු පාරක් කජුරාවො එන්න ඕනේ කියලා". මං කල්පනා කරේ කෞතුකාගාරේ තියෙන චිත්‍රයේ හැටියට මුම්ටාස් මහල් එච්චරම ලස්සන ගෑනියෙක්නෙවෙයි. ඒත් අන්තපුරයකුත් තිබිච්ච මිනිහෙක් වෙලා, ළමයි ගොඩකුත් හම්බ වුණාට පස්සෙත් ෂා ජෙහාන්ගේ හිතේ මහ විශාල ආදරයක් තිබුණා, ඒකයි වටින්නේ".
"ම්,,,අන්තපුරේ ඇවිදිනකොට මටත් හිතුනා ඒකෙ එක ගැනියෙක්වත් හිටියෙ නැද්ද කියලා රජ්ජුරුවන්ව පිස්සු වට්ටවන්න"
"මං හිතන්නේ රෑප ලස්සනෙන් නං රජ කෙනෙක් පිස්සු වට්ටන්න අමාරුයි, රාජ සභාවේ හැම ගෑනියෙක්ගෙම මොකක් හරි ලස්සනක් තියෙනවනේ. මුම්ටාස්ට හොඳ ඔලුවක් තියෙන්න ඇති. රාජ්‍ය පාලනයේ දුෂ්කර අවස්ථාවලදිත් මඟ පෙන්නන්න ඇති".
පේ‍්‍රමයේ විවිධ සියුම් පැතිකඩ විභාග කරමින් සුනේත‍්‍රා රාජකරුණානායක ලියූ නවකතාවකි. නිදහස් පේ‍්‍රමය, ලිංගිකත්වය නිර්ව්‍යාජව හා නිර්භයව සාකච්ඡ කරන කෘතියකි.
Prema Puranaya - ප්‍රේම පුරාණය
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Sunethra Rajakarunanayaka - සුනේත්රා රාජකරුණානායක
- ISBN: 9789555734569
- Availability: Out Of Stock
-
Rs. 275.00
- KBOOKS Cashback Rewards: 28