" සිදුහත් බෝසතුන්ට ගිහිගෙය හැර යාමට අවැසි ඉඟිය දුන්නේ රාහුල කුමාරෝත්පත්තියද? ...... සුත්‍ර පිටකයෙත්, ජාතක කතාවලත් තැනින් තැන විසිරි පැතිර පවතින තොරතුරු ඒකරාශී කර ගෙත්තම් කළ නවකතාවකි."
එ
සමයෙහි විශාලාව තුන් විධ බියකින් ඇළලී ගොස් තිබුණි. සියල්ල පටන් ගැනුණේ
මහා දුර්භික්ෂයකිනි. කෑමට ආහාර පාන නැතිව ගියෙන් මිනිසුන් කුසගින්නෙන් මරු
වැළඳ ගත්හ. ගෙයක් ගෙයක් පාසා දිනෙන් දින එකිනෙකා මැරෙන්නට පටන් ගත්තේ ය.
දින ගණන් ගත වුණද මළ සිරුරු නිවෙස් වලින් ඉවත් කර ගැනීමට නොහැකි වූයෙන්
මුළු නුවරම මිනී කුණු ගඳින් වැසී ගියේ ය. මිනී කුණු ගඳට ඇලූම් කරන
අමනුෂ්‍යයෝ මේ තත්වයෙන් සතුටුව ඒ නුවරට
වැදී සිත් සේ වාසය කරන්නට පටන් ගත්හ. අමනුෂ්‍යයන්ට බියෙන් තව තවත්
මිනිස්සු මැරෙන්නට වූහ. දුර්භික්ෂය හේතු කොට රෝග පීඩාවන් ඇති වූවාක් මෙන් ම
අමනුෂ්‍ය බිය නිසා ද අනේක ආකාර රෝග පීඩාවන්වලට නුවර වැසියෝ ගොදුරු වූහ.
කරකියා ගත කිසිවක් නැති කල්හි නුවරවාසීන්ගේ පෙරැුත්තය පිට ලිච්ඡවී රජවරු
නුවර වසාගත් දුර්භික්ෂ-අමනුෂ්‍ය-රෝග තුන් බියෙන් ගැළවීමට
තථාගතයාණන්වහන්සේගේ පිහිට ඉල්ලා සිටීමට තීරණය කළහ. ඔවුනගේ ආරාධනාවට අනුව
බුදුන්වහන්සේ විශාලා මහනුවරට වැඩම කොට තිබූ සේක.
අගතියට පත් නුවර
වැසියන් ඉන් ගලවා ගැනීමේ චේතනාවෙන් පන්සීයක් මහ රහතුන්වහන්සේලා ද
පිරිවරාගෙන ය බුදුරජාණන්වහන්සේ විශාලවට වැඩම කළේ. ඉක්බිතිව ”පොළොවෙහි
උපන්නා වූ හෝ අහසෙහි උපන්නා වූ හෝ යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැුස් වී
සිටිත් නම් ඒ සියල්ලෝ ම සතුටු සිත් ඇත්තෝ වෙත්වා”යි ප‍්‍රාර්ථනාවෙන් ආරම්භ
වන ”යානීධ භූතානි...” ලෙසින් කියැවෙන රුවන් සූත‍්‍රය දේශනා කළහ. එය
අවසානයේදී එතෙක් පැවති දුර්භික්ෂය නිමා කරමින් මහා වැසි ඇද හැලූණේ ය.
”ආනන්දය රුවන් සූත‍්‍රය නැවත නැවතත් සජ්ජායනා කරමින් මේ පැන් මුලූ විශාල නුවර පුරාම ඉසින්න... නුවර වැසියන් තුන් බියෙන් මිදේවි”
ලිච්ඡුවී රජ දරුවන් එකතු කර ගත් ආනන්ද හිමියෝ බුදුන් අණ කළ පරිදි ම සියල්ල
ම ඉෂ්ට සිද්ධ කළහ. විශාලා මහ නුවර එතෙක් පැවති තුන් බිය මුලූමනින් ම දුරු
වී නුවර වැසියන්ගේ ජීවිත යථා තත්වයට පැමිණෙන්නට පිටන් ගැනුණි.
විශාලාවේ
තුන් බිය දුරු කරලීම කාගේත් කතාබහට ලක්වූ ආශ්චර්යමත් කතා පුවතක් විය.
රාහුල හිමි වඩාත් උනන්දු වූයේ රතන සූත‍්‍රයේ අන්තර්ගතය ගැන අවබෝධයක්
ලැබීමටයි. උන්වහන්සේ ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද තෙරුන් සමඟ ධර්ම සාකච්ඡුාවේ
යෙදුනේ එම අදහසිනි.
”ආනන්ද හිමියනි... විශාලාවේ තුන් බිය දුරු කිරීමට සර්වඥයින්වහන්සේ රතන සූත‍්‍රය දේශනා කරමින් සත්‍ය ක‍්‍රියා කළ බව අසන්නට ලැබුණා”
”එහෙමයි... ඒ සත්‍ය ක‍්‍රියාවෙන් ජීවය පෙවුන පිරිත් පැන් නගරය පුරා ඉස්සේ මා විසින් ම යි”
”එය අමනුෂ්‍යයින්ට ම දේශනා කළ බවයි කියන්නේ”
”ඒක ඇත්ත... පළමු ගාථා දෙකෙණ් බුදුන් ඔවුනට ආරාධනා කළා... මෙන්න මෙහෙම...
භූමියේ උපන්නා වූ හෝ අහසේ උපන්නා වූ
යම් අමනුෂ්‍ය කෙනෙක් මෙහි රැුස් ව සිටිත් ද
ඒ සියලූ භූතයෝ සතුටු සිත් ඇත්තෝ වෙත්වා
මාගේ වචනය මනා කොට අසත්වා
යම් කරුණක් සඳහා මෙහි රැුස් ව සිටින අමනුෂ්‍යයනි
සියල්ලෝම මාගේ ධර්මය අසත්වා
මනුෂ්‍ය ප‍්‍රජාව කෙරෙහි මෛත‍්‍රිය කරවු
තොපට පූජා ගෙනන ඔවුන් අප‍්‍රමාද ව රකිවු”
එම පිළිතුරෙන් සතුටට පත් රාහුල තෙරණුවෝ වැඩිදුර විස්තර විමසන්නට වූහ.
”ඉන් මතු ගාථාවලින් ත‍්‍රිවිධ රත්නයේ ගුණ බලය දේශනා වූ බව සැළයි”
”එහෙමයි... ඊළඟ ගාථාවෙන් බුදුන්ගේ ශ්‍රේෂ්ඨත්වය කියා පෑවා... මෙන්න මෙහෙම...
මිනිස් ලොව හෝ වෙනත් ලොවක යම් ධනයක් වේ ද
දිව්‍ය ලෝකයන්හි යම් රත්නයක් වේ ද
ඒ කිසි තැනක තථාගතයන් හා සම වූ
ධනයක් හෝ රත්නයක් නැත
මෙය බුදුන්ගේ ශ්‍රේෂ්ඨ රත්න භාවයකි
ඒ සත්‍ය බලයෙන් සෙතක් වේවා”
”රතන සූත‍්‍රය මහානුභාවසම්පන්න සෙත් පිරිතක් අනාගතයේදීත් සෙත් ශාන්තිය පිණිස එය භාවිතා කළ හැකියි”
Rahulayek Upanna - රාහුලයෙක් උපන්නා
- Publisher: Sarasavi Publishers - සරසවි ප්‍රකාශන
- Categories:
- - Novels - නවකතා
- - සිංහල නවකතා
- - Ajantha Senevirathna - අජන්ත සෙනෙවිරත්න
- ISBN: 9789553108968
- Availability: Out Of Stock
-
Rs. 350.00
- KBOOKS Cashback Rewards: 35